පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1256/’16
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 1983 වර්ෂය වනවිට පුත්තලම දිස්ත්‍රික්කය තුළ පිහිටා තිබූ පොලිස් ස්ථාන සංඛ්‍යාව කොපමණද;
(ii) එම පොලිස් ස්ථානයන්හි සේවය කරන ලද පොලිස් නිලධාරින් සංඛ්‍යාව කොපමණද;
(iii) එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන් විසින් වර්ෂ 1983න් පසුව 2009 වර්ෂයේ යුද්ධය අවසන් වනතෙක් වූ කාලය තුළදී විනාශ කරන ලද පොලිස් ස්ථාන සංඛ්‍යාව කොපමණද;
(iv) ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් මියගිය පොලිස් නිලධාරින් සංඛ්‍යාව කොපමණද;
(v) ඉහත (iii) හි සඳහන් විනාශ වූ දේපළ පිළිබඳ තක්සේරුවක් කර තිබේද;
(vi) ඉහත සියල්ලෙහිම පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-05-23
අසන ලද්දේ
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) පොලිස් ස්ථාන - 02
(ii) මේ වන විට එවකට පැවති ලේඛන විනාශ වී ඇති බැවින් සේවය කළ නිලධාරින් කොපමණද යන්න සම්බන්ධයෙන් තොරතුරු සොයා ගත නොහැක.
(iii) කිසිදු පොලිස් ස්ථානයක් විනාශ කර නොමැත.
(iv) පොලිස් නිලධාරින් 10දෙනෙකු මිය ගොස් ඇත.
(v) පැන නොනඟී.
(vi) නැත.
(ආ) අදාළ කාල සීමාව තුළ තිබූ ලේඛන විනාශ වී ඇති හෙයින්, පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැත.
පිළිතුරු දුන් දිනය
2017-05-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සාගල රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks