01

E   |     |  

 දිනය: 2017-08-09   පිළිතුර ලබා දී ඇත 

1195/2017: විදුලිය ලබා දී ඇති නිවාස: මුලතිව් දිස්ත්‍රික්කය

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      1983 වර්ෂය වනවිට මුලතිව් දිස්ත්‍රික්කය තුළ ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය ලබා දී ඇති මුළු නිවාස සංඛ්‍යාව කොපමණද;

            (ii)      මේ වනවිට විදුලිය ලබා දී ඇති මුළු නිවාස සංඛ්‍යාව කොපමණද;

(iii) වර්ෂ 1984 සිට 2009 දක්වා විදුලිය ලබා දීම වෙනුවෙන් වෙන් කරන ලද මුදල එක් එක් වර්ෂය අනුව කොපමණද;

(iv) 2009 වර්ෂයේදී යුදමය තත්ත්වය නිම වීමෙන් පසු 2015 වර්ෂ දක්වා විදුලිය ලබා දී ඇති නිවාස සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව කොපමණද;

(v) ඉහත (iv) හි සඳහන් කාල පරිච්ඡේදය සඳහා විදුලිය ලබා දීම වෙනුවෙන් වෙන් කරන ලද මුදල එක් එක් වර්ෂය අනුව කොපමණද;

යන්න එතුමා මෙම සභාව‍ට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-08-09

අසන ලද්දේ

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)         (i)       මීට අදාළ වාර්තා ලංකා විදුලිබල මණ්ඩලය සතුව නොමැත.

                         ඒ කියන්නේ, 1983   යුද්ධය පැවැති කාලයයි.

              (ii)       2015 වර්ෂයේ නොවැම්බර් මස සිට ක්‍රියාත්මක කරන ලද "රටම එළියයි අඳුර දුරලයි - ජාතික විදුලි, සත්කාරය" ණය යෝජනා ක්‍රමය යටතේ 2016 වසර තුළ විදුලි සම්බන්ධතා ලබා දුන් නිවාස ඒකක 2,501 ද ඇතුළුව 2016.01.01 සිට 2017.05.31 දක්වා නිවාස 6,637ක් සඳහා නව සම්බන්ධතා ලබා දී ඇත.

ඒ අනුව 2017 මැයි 31 දිනට විදුලි සම්බන්ධතා 30,087ක් සපයා ඇත.

(iii) මීට අදාළ වාර්තා ලංවිම සතුව නොමැත.

මුලතිව් දිස්ත්‍රික්කය ගැනයි මේ ප්‍රශ්නයෙන් අහන්නේ. එය යුද්ධයෙන් සම්පූර්ණයෙන් බැට කෑ ප්‍රදේශයක්.

(iv) 2009 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා විදුලි සැපයුම් ලබා දුන් නිවාස සංඛ්‍යාව පහත පරිදි වේ.

වර්ෂය

අදාළ වර්ෂය තුළදී ලබා දුන් නව සබඳතා සංඛ්‍යාව

වර්ෂය අවසාන වන විට විදුලිය පරිභෝජනය කරනු ලබන සම්පූර්ණ නිවාස සංඛ්‍යාව

 

2009.01.01 - 2009.12.31

                    8

 

   8

 

2010.01.01 - 2010.12.31

                495

 

  503

 

2011.01.01 - 2011.12.31

             1,117

 

 1,620

 

2012.01.01 - 2012.12.31

             1,952

 

 3,572

 

2013.01.01 - 2013.12.31

             6,663

 

 10,235

 

2014.01.01 - 2014.12.31

             3,163

 

 13,398

 

2015.01.01 - 2015.12.31

           10,052

 

 23,450

 

ගරු මන්ත්‍රීතුමනි, අපේ ආණ්ඩුව බලයට පත් වුණාට පසුව 2015 වර්ෂය තුළදී නව සබඳතා 10,052ක් ලබා දුන්නා.

(v) 2009 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා විදුලි සැපයුම් සඳහා වෙන් කරන ලද මුදල පහත පරිදි වේ.

වර්ෂය

වෙන් කරන ලද මුදල (රු.මිලියන)

          2009

                  නැත

          2010

                  14.7

          2011

                  නැත

          2012

                  නැත

          2013

                  නැත

          2014

                10.48

          2015

                11.66

 (ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2017-08-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks