පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු චමින්ද විජේසිරි මහතා,— සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) “සමෘද්ධි ආදර්ශ ගම්මාන” නමින් ව්‍යාපෘතියක් ඔබ අමාත්‍යාංශය මඟින් ආරම්භ කර තිබේද;
(ii) එසේ නම්, එම ව්‍යාපෘතියේ අරමුණු කවරේද;
(iii) බදුල්ල දිස්ත්‍රික්කයෙන් එම ව්‍යාපෘතිය සඳහා තෝරාගත් ගම්මාන කවරේද;
(iv) එම ගම්මාන දියුණු කිරීම සඳහා ගැනීමට අපේක්ෂා කරන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-06-06
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් සමෘද්ධි ආදර්ශ ගම්මාන ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.
(ii) * චිරස්ථායී නිෂ්පාදන ක්‍රමවේදයක් තුළින් පවුලේ පෝෂණය සහ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම.
* ප්‍රජා සහභාගිත්වය උපරිම ලෙස යොදා ගනිමින්, ග්‍රාමීය නිෂ්පාදන වැඩිදියුණු කර, අළෙවිකරණ ජාලයට සම්බන්ධ කර, ඔවුන්ගේ ආර්ථික සවිබලගැන්වීම.
* සමාජ සංවර්ධන සහ අනෙකුත් පොදු පහසුකම් ප්‍රශස්ත මට්ටමකට පත් කරමින්, ක්‍රියාකාරී ගම්මාන පද්ධතියක් බිහි කිරීම.
* අන් අයටද ආදර්ශයක් වන පරිදි, දැනුම හා සතුට ලබාගත හැකි පරිදි, සමෝධානික ආදර්ශ ගම්මානයක් බිහි කිරීම.
* දිළිඳුකම පිටුදැකීමේ ජාතික මෙහෙවරට මනා ආදර්ශයක් ලබා දිය හැකි වන ලෙස දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් ආර්ථික වශයෙන් සවිබලගැන්වීම.
(iii) බදුල්ල දිස්ත්‍රික්කයේ, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විහාරගල ගම්මානය අදාළ ව්‍යාපෘතිය සඳහා තෝරා ගෙන ඇත.
(iv) එම ග්‍රාම නිලධාරි වසමේ ජීවත්වන ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා දැනට යෙදෙන කර්මාන්ත දියුණු කර ගැනීමට අවශ්‍ය උපකරණ ද්‍රව්‍ය ලබාදීම සහ නව ජීවන මාර්ග අපේක්ෂා කරන්නන් හට රෝස මල් පැළ සෑදීම තුළින් ආදායම් තත්ත්වය වැඩිදියුණු කර ගැනීමට එම වගාව හඳුන්වා දීමට අපේක්ෂිතය. -මේ ගම රෝස මල් පැළ විකිණීම බොහොම හොඳින් කෙරෙන ගමක්.- ඒ සඳහා රුපියල් මිලියන 7ක මුදලක් වෙන් කර ඇත.
මීට අමතරව සෑම පවුලකටම ඔවුන්ගේ අභිමතය පරිදි පවුල් සංවර්ධන ව්‍යාපෘති සකස් කර ඒවාට ආධාර කෙරේ.
(ආ) අදාළ නොමැත.
පිළිතුරු දුන් දිනය
2017-06-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එස්. බී. දිසානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks