01

සි   |     |  

 Date: 2017-06-06   Answered 

1123/2017: "SAMURDHI MODEL VILLAGES" PROJECT: OBJECTIVES

1123/’16

Hon. Chaminda Wijesiri,— To ask the Minister of Social Empowerment, Welfare and Kandyan Heritage,— 

(a) Will he inform this House—

(i) whether your Ministry has initiated a project titled “Samurdhi Model villages”;

(ii) if so, the objectives of that project;

(iii) the villages in the Badulla district which have been selected for that project;

(iv) the steps which are proposed to be taken to develop those villages?

(b) If not, why?

 

Asked Date

2017-06-06

Asked by

Hon. Chaminda Wijesiri, M.P.

Ministry

Social Empowerment,Welfare and Kandyan Heritage

Legislature

Eighth Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

(අ)          (i)      සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් සමෘද්ධි ආදර්ශ ගම්මාන ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.

              (ii)      *   චිරස්ථායී නිෂ්පාදන ක්‍රමවේදයක් තුළින් පවුලේ      පෝෂණය සහ ආහාර සුරක්ෂිතතාවය ඇති      කිරීම.

                         *   ප්‍රජා සහභාගිත්වය උපරිම ලෙස යොදා ගනිමින්,        ග්‍රාමීය නිෂ්පාදන වැඩිදියුණු කර, අළෙවිකරණ ජාලයට සම්බන්ධ කර, ඔවුන්ගේ ආර්ථික සවිබලගැන්වීම.

* සමාජ සංවර්ධන සහ අනෙකුත් පොදු පහසුකම් ප්‍රශස්ත මට්ටමකට පත් කරමින්, ක්‍රියාකාරී ගම්මාන පද්ධතියක් බිහි කිරීම.

* අන් අයටද ආදර්ශයක් වන පරිදි, දැනුම හා සතුට ලබාගත හැකි පරිදි, සමෝධානික ආදර්ශ ගම්මානයක් බිහි කිරීම.

* දිළිඳුකම පිටුදැකීමේ ජාතික මෙහෙවරට මනා ආදර්ශයක් ලබා දිය හැකි වන ලෙස දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් ආර්ථික වශයෙන් සවිබලගැන්වීම.

(iii) බදුල්ල දිස්ත්‍රික්කයේ, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විහාරගල ගම්මානය අදාළ ව්‍යාපෘතිය සඳහා තෝරා ගෙන ඇත.

(iv) එම ග්‍රාම නිලධාරි වසමේ ජීවත්වන ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා දැනට යෙදෙන කර්මාන්ත දියුණු කර ගැනීමට අවශ්‍ය උපකරණ ද්‍රව්‍ය ලබාදීම සහ නව ජීවන මාර්ග අපේක්ෂා කරන්නන් හට රෝස මල් පැළ සෑදීම තුළින් ආදායම් තත්ත්වය වැඩිදියුණු කර ගැනීමට එම වගාව හඳුන්වා දීමට අපේක්ෂිතය. -මේ ගම රෝස මල් පැළ විකිණීම බොහොම හොඳින් කෙරෙන ගමක්.- ඒ සඳහා රුපියල් මිලියන 7ක මුදලක් වෙන් කර ඇත.

මීට අමතරව සෑම පවුලකටම ඔවුන්ගේ අභිමතය පරිදි පවුල් සංවර්ධන ව්‍යාපෘති සකස් කර ඒවාට ආධාර කෙරේ.

(ආ) අදාළ නොමැත.

 

Answered Date

2017-06-06

Answered by

Hon. S. B. Dissanayake, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks