පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු චමින්ද විජේසිරි මහතා,— සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) බදුල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි, වැඩිහිටි දීමනා ආදී විවිධ සහනාධාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව, එක් එක් මැතිවරණ කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඉහත (i) හි සඳහන් පුද්ගලයන්ගේ නම් හා ලිපිනයන් කවරේද;
(iii) වත්මන් යහපාලන රජය මෙම පිරිසගේ ජීවන මට්ටම උසස් කිරීම සඳහා ඉදිරියේදී ක්‍රියාවට නැංවීමට අපේක්ෂිත වැඩසටහන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-06-22
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
මැතිවරණ කොට්ඨාසය |
සමෘද්ධි ප්‍රතිලාභීන් |
ආබාධිත දීමනා ලබන ප්‍රතිලාභීන් |
ආබාධිත දීමනා ලබන ප්‍රතිලාභීන් |
මව හෝ පියා අහිමි වූ උසස් පෙළ හදාරන අඩු ආදායම් ලාභී සිසුන් සඳහා මාසිකව රු.3000/-බැගින් |
|
මහියංගනය |
10,731 |
2,458 |
|
14 |
|
වියළුව |
7,647 |
2,515 |
198 |
2 |
|
පස්සර |
5,395 |
2,882 |
188 |
- |
|
බදුල්ල |
2,640 |
1,674 |
83 |
- |
|
හාලි ඇල |
5,634 |
2,424 |
73 |
- |
|
ඌව පරණගම |
6,249 |
2,781 |
100 |
- |
|
වැලිමඩ |
4,633 |
2,311 |
77 |
- |
|
බණ්ඩාරවෙල |
7,898 |
2,698 |
152 |
2 |
|
හපුතලේ |
4,150 |
3,264 |
156 |
3 |
|
එකතුව |
54977 |
23,007 |
1101 |
21 |
(ii) ඉහත පිළිතුර අනුව ප්‍රතිලාභී නම් හා ලිපිනයන් විශාල ප්‍රමාණයක් ලේඛනගත වී ඇති හෙයින් එය ඉදිරිපත් කිරීම අපහසු කාර්යයක් වන අතර, අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඉහත ප්‍රතිලාභීන්ගේ ලිපිනයන් අමාත්‍යාංශය වෙතින් ලබා ගත හැකිය.
ගරු මන්ත්‍රීතුමනි, මේ සම්බන්ධයෙන් කොළ නවසිය ගණනක වාර්තාවක් තිබෙන්නේ. File එක සුදානම් කරලා තිබෙනවා. ඔබතුමා ඕනෑ වේලාවක අමාත්‍යාංශයට එන්න, ඒක බලන්න පුළුවන්.
(iii) මාගේ අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතන ඉහත ප්‍රතිලාභීන්ගේ ජීවන මට්ටම උසස් කිරීම සඳහා ගනු ලබන සංවර්ධන වැඩසටහන් ඇමුණුම 01 හා ඇමුණුම 02හි දැක්වේ. ඇමුණුම් සභාගත* කරමි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-06-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එස්. බී. දිසානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks