පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1104/’16
ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) වත්මන් රජය යහපත් ජාත්‍යන්තර සබඳතා ගොඩනගා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස 2014 වසරට සාපේක්ෂව, 2015 වසරේදී;
(i) විදේශීය ප්‍රදාන ඉහළ ගොස් තිබේද;
(ii) අපනයන ආදායම ඉහළ ගොස් තිබේද;
(iii) නව විදේශීය රැකියා ලැබීම් ඉහළ ගොස් තිබේද;
(iv) විදේශීය ප්‍රේෂණ ඉහළ ගොස් තිබේද;
(v) විදේශීය සෘජු ආයෝජන ඉහළ ගොස් තිබේද;
(vi) කොටස් වෙළඳපොළේ විදේශීය ආයෝජන ඉහළ ගොස් තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-08-11
අසන ලද්දේ
ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නැත.
ශ්‍රී ලංකාව පහළ-මැදි ආදායම් ලබන රටක් ලෙස ඉදිරියට යාමත් සමඟ විදේශීය ප්‍රදාන ක්‍රමයෙන් අඩු වී ඇත.
(ii) 2014 වසර හා සැසඳීමේ දී 2015 වසරේ දී භාණ්ඩ හා සේවා මුළු අපනයන ආදායම වර්ධනය වී ඇත. ප්‍රවාහන සේවා, සංචාරක සේවා සහ විදුලි සන්දේශ සහ පරිගණක සේවා වැනි සේවා අපනයනයන් 2014 වසරට වඩා 2015 වසරේදී වර්ධනය වී ඇත. ජාත්‍යන්තර භාණ්ඩ මිල ගණන් පහළ යෑම හේතුවෙන්, 2014 වසරට සාපේක්ෂව 2015 වසරේ දී භාණ්ඩ අපනයන ආදායම අඩු වී ඇත. එයට අමතරව, දියුණු ආර්ථිකවල සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වෙළෙඳ පොළවල, ආර්ථික වර්ධනය මන්දගාමී වීම ද ශ්‍රී ලංකාවේ අපනයන සඳහා ඉල්ලුම අඩුවීමට හේතු ලෙස දැක්විය හැකිය.
(iii) ගෘහ සේවිකාවන් හා නුපුහුණු ශ්‍රමිකයන් විදේශ සේවා නියුක්තිය සඳහා පිටත්ව යෑම අධෛර්යවත් කිරීම සඳහා රජය විසින් ගනු ලැබූ විවිධ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග හේතුවෙන්, ගෘහ සේවිකාවන් ඇතුළු අර්ධ පුහුණු හා නුපුහුණු කාණ්ඩය යටතේ වූ ශ්‍රම සංක්‍රමණය පහත වැටුණි. එයට අමතරව, මැද පෙරදිග කලාපය තුළ පවතින භූ-දේශපාලන අස්ථාවරත්වය ද මෙම පහත වැටීම සඳහා හේතු විය.
කෙසේ නමුත්, වෘත්තීයවේදීන් ඇතුළු පුහුණු කාණ්ඩය යටතේ වන ශ්‍රම සංක්‍රමණය වර්ධනය වී ඇත. සමස්තයක් ලෙස විදේශ රැකියා සඳහා මුළු ශ්‍රම සංක්‍රමණය 2014 වසරට සාපේක්ෂව 2015 වසරේ දී පහත වැටුණි.
(iv) විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල ප්‍රධානතම සාම්ප්‍රදායික මූලාශ්‍රය වන මැද පෙරදිග තෙල් අපනයනය කරන රටවල ආදායම පහත වැටිම සහ එහි ප්‍රතිඵලයක් ලෙස එම රටවල වර්ධනය මන්දගාමී වීම හේතුවෙන් 2014 වසර හා සැසඳීමේ දී 2015 වසරේ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබීම් වර්ධනය වී නොමැත. නමුත් 2016 වසරේ නැවත වර්ධනයක් පෙන්වයි.
ප්‍රශ්න අංක (අ) (iii) යටතේ විස්තර කරන ලද ශ්‍රම සංක්‍රමණය පහත වැටීමට හේතු වූ කරුණු ද 2015 වසරේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් අඩුවීම සඳහා හේතු විය.
(v) ප්‍රධාන ජාතික මැතිවරණ දෙකක් පැවැත්වීම හේතුවෙන් සහ එක්සත් ජනපදයේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් පොලී අනුපාත ඉහළ දමනු ඇතැයි යන අපේක්ෂාව මත ආයෝජකයින්ගේ විශ්වාසය අඩුවීම, 2014 වසර සමඟ සැසදීමේ දී 2015 වසරේ දී විදේශීය ඍජු ආයෝජන පහළ යෑමට හේතු විය.
(vi) 2015 වසරේ පළමු කාර්තු තුන තුළ දී, එක්සත් ජනපදයේ පොලී අනුපාතික ඉහළ යනු ඇතැයි යන අපේක්ෂාව සහ ඉන් අනතුරුව හතරවන කාර්තුවේ දී පොලී අනුපාතික ඉහළ දෑමීම නිසා නැගී එන වෙළඳපොළ ආර්ථිකයන් කෙරෙහි විදේශීය ආයෝජකයන් තුළ ඇති විශ්වාසය අඩුවීම, ආයෝජනය අඩුවීමට හේතු විය. නමුත් 2014 වසර තුළ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ දෙවන ඉහළ ශුද්ධ විදේශ ආයෝජන වාර්තා වී ඇත.
2014 වසර හා සැසඳීමේ දී 2015 වසරේ දී කොළඹ කොටස් වෙළඳපොළ තුළ විදේශීය ආයෝජන අඩු වීමට හේතු විය.
කෙසේ නමුත්, 2017 ජුනි මස අවසානයේ දී කොළඹ කොටස් වෙළඳපොළ එ.ජ.ඩොලර් මිලියන 500.8 ක විදේශීය ආයෝජන ලැබීමක් වාර්තා කළේ ය.
(ආ) පැන නොනගී.
පිළිතුරු දුන් දිනය
2017-08-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks