01

E   |     |  

 දිනය: 2016-08-11   පිළිතුර ලබා දී ඇත 

0702/2016: Motor Bikes for Family Health Services Officers

ගරු විජිත හේරත් මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      රජයේ සේවකයන් සඳහා යතුරුපැදි ලබාදීමේ වැඩපිළිවෙළට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින් ඇතුළත් බවත්;

             (ii)      ක්‍ෂේත්‍ර සහ රෝහල් රාජකාරියේ යෙදී සිටින දෙපිරිසටම මෙම පහසුකම හිමි බවත්;

           (iii)      යම් පළාත්වල යතුරුපැදි ලබාදීම නිසි පරිදි සිදුවී ඇතත්, පළාත් කිහිපයක එය නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති බවත්;

(iv) විශේෂයෙන් ගම්පහ රෝහලේ සේවයේ නියුතු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින් සඳහා මේ වනතුරුත් යතුරුපැදි ලබාදීම සිදුවී නොමැති බවත්;

  එතුමා දන්නෙහිද?

(ආ) (i) ගම්පහ ඇතුළු දිවයින පුරා එම යතුරුපැදි නොලද සැමට යතුරුපැදි ලබාදීම සඳහා පියවර ගන්නේද;

(ii) ඒ සඳහා ගතවිය හැකි කාලය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-08-11

අසන ලද්දේ

ගරු විජිත හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks