පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5857/’15
ගරු ශාන්ත බණ්ඩාර මහතා,— ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ප්‍රජාතන්ත්‍රවාදී රටක මාධ්‍ය නිදහස පැවතිය යුතු බවත්;
(ii) මෙරට මාධ්‍යවේදීන් විසින් සුවිසල් ජන මෙහෙවරක් ඉටුකරමින් සිටින බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) පසුගිය කාලය තුළ දී අතුරුදහන් වූ හෝ බලපෑම් නිසා විදේශගත වූ ජනමාධ්‍යවේදීන් සිටින්නේද;
(ii) එසේ නම්, එම ජනමාධ්‍යවේදීන්ගේ නම් කවරේද;
(iii) එකී ජනමාධ්‍යවේදීන් සොයා ගැනීමට හෝ නැවත මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-03-18
අසන ලද්දේ
ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සහ (ii) ප්‍රශ්න සඳහා මට දෙන්න තිබන පිළිතුර මේකයි.
එතුමා හිටපු ආණ්ඩුවේ අය ඒක නොදැන සිටියත් මම ඒක හොඳින් දන්නවා. ඒක තමයි මට ඒ ප්‍රශ්න දෙක වෙනුවෙන් කියන්න තිබෙන්නේ. ඒ වාගේම, ප්‍රජාතන්ත්‍රවාදී රටක මාධ්‍ය නිදහස පැවැතිය යුතු බව හා මාධ්‍යවේදීන් සුවිසල් කාර්යභාරයක් ඉටු කරන බව පිළිගන්නවා.
(ආ) (i) ඔව්.
පසු ගිය කාලයේ ජනමාධ්‍යවේදීන් තම අදහස් විවෘතව ප්‍රකාශ කිරීම හේතුවෙන් දේශපාලනික වශයෙන් ජීවිත තර්ජන ඇති වීම නිසා ඔවුන්ගේ ආරක්ෂාව පිණිස විදේශගත වී ඇති බව සත්‍යයකි.
(ii) මේ සම්බන්ධව නිශ්චිත තොරතුරු අමාත්‍යාංශය සතුව නොමැති බැවින්, නම් වශයෙන් සඳහන් කිරීම අපහසු වේ.
ඒ කියන්නේ විදේශගත වුණු ජනමාධ්‍යවේදීන්ගේ සම්පූර්ණ ලැයිස්තුවක් අපට හරියටම ඉදිරිපත් කර නැතත්, පෝද්දල ජයන්ත, සනත් බාලසූරිය, සුනන්ද දේශප්‍රිය, මංජුල වෙඩිවර්ධන, රෝහිත භාෂණ වාගේ අය ජීවිත තර්ජන නිසා විදේශගත වුණු බව අපි කවුරුත් දන්නවා.
(iii) දේශපාලනික වශයෙන් ජීවිත තර්ජන හේතුවෙන් රට හැර ගිය මාධ්‍යවේදීන් මෙරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන අතර, ඔවුන්ට මෙරටට පැමිණීමට විවෘත ආරාධනයක් මා විසින් සිදු කර තිබෙනවා. කෙසේ නමුත් මොවුන් පිළිබඳ තොරතුරු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණයෙන් ලබා ගැනීමට කටයුතු කරමින් පවතිනවා.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-03-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks