01

E   |     |  

 දිනය: 2015-03-19   පිළිතුර ලබා දී ඇත 

5690/2015: පැල්වත්ත හා සෙවනගල සීනි සමාගම් : එතනෝල් නිෂ්පාදනය

5690/’14

 

ගරු අනුර දිසානායක මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2013 වර්ෂයේ සිට 2014 අගෝස්තු මාසය දක්වා කාල සීමාව තුළ පැල්වත්ත හා  සෙවණගල සීනි සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද මුළු එතනෝල් ප්‍රමාණය වෙන් වෙන්  වශයෙන් කොපමණද;

(ii) එම එතනෝල් ප්‍රමාණයෙන් මත්පැන් නිෂ්පාදනයට හා සුවඳ විලවුන් නිෂ්පාදනයට යොදාගත් ප්‍රමාණයන් එක් එක් වර්ෂය අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) මත්පැන් හා සුවඳ විලවුන් නිෂ්පාදන වෙනුවෙන් ලීටරයකට අය කරනු ලබන බදු ප්‍රමාණයන් කොපමණද;

(iv) එම ‍එතනෝල් ලබා ගත් මත්පැන් නිෂ්පාදන සමාගම්වල හා සුවඳ විලවුන් නිෂ්පාදන සමාගම්වල නම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-03-19

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)     

වර්ෂය

පැල්වත්ත (තොග ලීටර්)

සෙවනගල (තොග ලීටර්)

2013

7,364,987.450

3,936,534.900

2014 අගෝස්තු දක්වා

3,423,748.000

2,555,903.200

              (ii)     

    වර්ෂය

මත්පැන්  ස්කාගාර

 මත්පැන් සඳහා (තොග ලීටර්)

සුවඳ විලවුන් සඳහා (තොග ලීටර්)

2013

පැල්වත්ත

6,993,617.000

50,000.000

 

සෙවනගල

3,570,603.500

26,500.000

2014 අගෝස්තු   දක්වා

පැල්වත්ත

3,194,624.000

18,850.000

 

සෙවනගල

1,961,417.000

32,090.000

             (iii)      මත්පැන් සඳහා අය කරනු ලැබූ බදු ප්‍රමාණයන්

 

 

බදු මුදල පනවන ලද දිනය

අරක්කු සම්මත සැර ලීටරයකට (රුපියල්)

විදේශීය මත්පැන් සම්මත සැර ලීටරයකට (රුපියල්)

2012.10.06

1043.00

1183.00

2013.07.31

1110.00

1250.00

2014.10.10

1120.00

1370.00

2014.10.25 සිට මේ දක්වා

1485.00

1700.00

 සුවඳ විලවුන් සඳහා අය කරනු ලැබූ බදු ප්‍රමාණ:

 attached......

 

 (iv)    සුවඳ විලවුන් නිෂ්පාදන සමාගම්වල නාම ලේඛනය:

1. නේචර්ස් බියුටි ක්‍රියේෂන් පුද්ගලික සමාගම

2. හේමාස් මැනුපැක්චරීස් සමාගම

3. බියුටි එක්ස්පර්ට් පුද්ගලික සමාගම

4. දීපානි එන්ටර්ප්‍රයිසස් සමාගම

5. ඉන්ටර්නැෂනල් කොස්මැටික්ස් සමාගම

6. යුනිලීවර් සමාගම

7. කින්ඩායි කුගාකියූ ලංකා සමාගම

8. හරුමී හොල්ඩින්ස් සමාගම

 

මත්පැන් නිෂ්පාදන සමාගම්වල නාම ලේඛනය: 

1. ඇක්මී ලංකා ඩිස්ටිලරීස් සමාගම

2. ශ්‍රී ලංකා ඩිස්ටිලරීස් කම්පැනි (ඩී.සී.එස්.එල්.)

3. නිපෝන් එක්ස්පෝ සමාගම

4. රන්දෙනිගල ඩිස්ටිලරීස් සමාගම

5. රොක්ලන්ඩ් ඩිස්ටිලරීස් සමාගම

6. රන්දිය පුද්ගලික සමාගම

7. ස්කොට්ලන්ඩ් ඩිස්ටිලරීස් සමාගම

8. සිනර්ජි හොල්ඩින් සමාගම

9. ශ්‍රී ලංකා ඩිස්ටිලරීස් සමාගම

10. වී.ඒ. ඩිස්ටිලරීස් සමාගම

11. වයඹ ඩිස්ටිලරීස් සමාගම

12. ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම

13. ක්ලැසික් ඩිස්ටිලරීස් සමාගම

14. ඉන්ටර්නැෂනල් ඩිස්ටිලරීස් සමාගම

15. ම‍නෝරි ලංකා පුද්ගලික සමාගම

16. ඌව ග්ලේන් පුද්ගලික සමාගම

(ආ) පැන නොනඟී. 

පිළිතුරු දුන් දිනය

2013-03-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රවී කරුණානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks