පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5448/’14
ගරු අනුර දිසානායක මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) වර්ෂ 2009 සිට 2013 දක්වා පස් වසරක කාල සීමාව තුළ ජාතික ලොතරැයි මණ්ඩලය විසින් උපයන ලද ලාභය කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ජාතික ලොතරැයි මණ්ඩලය මගින් පවත්වාගෙන යන ලොතරැයි වර්ග කවරේද;
(ii) පසුගිය වාරයේ දිනුම් අදින ලද මෙගා ලොතරැයිය පිළිබඳව ප්‍රචාරය කළ පරිදි, පළමු දිනුමට රුපියල් කෝටි 5කුත්, සෙසු තෑගි ලෙස ජීප් රථ 40කුත් දිනුම් ඇදීමෙන් පසු ජයග්‍රාහකයන්ට ලබා දුන්නේද;
(iii) මේ වන විට සෙසු එක් එක් ලොතරැයිය දිනුම් ඇද ප්‍රකාශයට පත් කරන දිනුම් සංඛ්‍යාව හා ප්‍රදානය කරන ලද ත්‍යාග මුදල අඩු කර තිබේද;
(iv) එසේ අඩු කර ඇත්නම්, එහි සංඛ්‍යාත්මක අගය කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-04-08
අසන ලද්දේ
ගරු අනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
රු.මිලියන
|
වසර |
2009 |
2010 |
2011 |
2012 |
2013 |
|
බදු පෙර ලාභ |
244.5 |
279.0 |
395.9 |
581.7 |
476.6 |
|
බදු පසු ලාභ |
45.5 |
47.6 |
209.1 |
312.1 |
(133.4) |
(ආ) (i) දිනුම් අදින ලොතරැයි - මහජන සම්පත, වාසනා සම්පත, ගොවි සෙත, ජාතික සම්පත, සුපිරි වාසනා සම්පත, සම්පත් රේඛා, පවර් ලොටෝ, එයාර්පෝට් සුපර්ඩ්‍රෝ. ක්ෂණික ලොතරැයි - සමෘද්ධි, සෙවන.
(ii) ජාතික ලොතරැයි මණ්ඩලයේ 50 වැනි සංවත්සරය වෙනුවෙන් 2013 වසරේදී මෙගා 50 ලොතරැයිය ආරම්භ කරන ලද අතර මෙම ලොතරැයිය වරින් වර නම වෙනස් කරමින් වෙළඳ පොළට ඉදිරිපත් කරන ලදී. මේ වන විට ලොතරැයි පතේ දිනුම් වාර හතරක් ක්‍රියාත්මක කර ඇත.
පළමු වාරයේදී සුපිරි ත්‍යාගය වූ රුපියල් මිලියන 50ත්, ප්‍රථම ත්‍යාග වූ "පැන්ඩා" මෝටර් රථ 50ත් දිනා ගත් අතර එම ත්‍යාග, ත්‍යාගලාභින්ට පිරිනමා ඇත.
දෙවැනි වාරයේදී සුපිරි ත්‍යාගය වූ රුපියල් මිලියන 50 දිනා ගත් අතර එය ගෙවන ලදී. ප්‍රථම ත්‍යාග වූ ජීප් රථ හතළිහෙන් අළෙවිය මත දිනා ගන්නා ලද්දේ ජීප් රථ 28ක් වූ අතර ඉදිරිපත් වූ ත්‍යාගලාභින් 26 දෙනාට ජීප් රථ 26ක් පිරිනමා ඇත.
තෙවන වාරයේදී සුපිරි ත්‍යාගය රුපියල් මිලියන 50 දිනා නොගත් අතර ප්‍රථම ත්‍යාග වූ ජීප් රථ හතළිහෙන් අළෙවිය මත දිනා ගන්නා ලද්දේ ජීප් රථ 13ක් වූ අතර ඉදිරිපත් වූ ත්‍යාගලාභින් 12 දෙනාට ජීප් රථ 12ක් පිරිනමා ඇත.
අවසන් වරට දිනුම් අදින ලද එන්එල්බී ඩබල් බෝනස් ලොතරැයියේ සුපිරි ත්‍යාගය රුපියල් මිලියන 100කි. එය දිනා ගන්නා ලදී. ජීප් රථ 35ක් දිනුම් ඇදීමට යොදා ගත් අතර අළෙවිය අනුව දිනා ගන්නා ලද්දේ ජීප් රථ 18කි.
එම සුපිරි ත්‍යාගය සහ ජීප් රථ 18, 2015 අප්‍රේල් 6 වන දින ත්‍යාගලාභීන්ට පිරිනැමීමට නියමිතය.
(iii) නැත.
(iv) අදාළ නොවේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-04-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks