01

E   |     |  

 දිනය: 2014-11-01   පිළිතුර ලබා දී ඇත 

5417/2014: Muthurajawela Wet Land

5417/’14

 

ගරු අජිත් කුමාර මහතා,— වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මුතුරාජවෙල අභයභූමියේ සම්පූර්ණ භූමි ප්‍රමාණය කොපමණද;

            (ii)       එම අභයභූමියට ආවේණික ජීව විශේෂ සංඛ්‍යාව කොපමණද;

           (iii)       එම ජීවීන් අතරින් ඒක දේශික ජීවීන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  (i)  ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් මුතුරාජවෙල අභය භූමියට අයත් ප්‍රදේශයෙන් අක්කර 150ක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේද;

  (ii)  මේ වන විට අදාළ අක්කර 150 කිසියම් ආයතනයකට පැවරීමට නියමිතව තිබේද;

  (iii)  මෙම ආයතනය අදාළ භූ‍මියේ සිදු කිරීමට නියමිත ව්‍යාපෘතිය කවරේද;

  (iv)  එම ව්‍යාපෘතිය මගින් සිදු වන පරිසර හානිය කවරේද;

  (v)  අදාළ පරිසර හානිය  නිසා ඇති වන ගැටලු සම්බන්ධයෙන් ලබා දෙන විසඳුම් කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-11-01

අසන ලද්දේ

ගරු ගරු අජිත් කුමාර මහතා, පා.ම.,  මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී සම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks