පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5416/’14
ගරු අජිත් කුමාර මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කොළඹ දිස්ත්‍රික්කය තුළ පුද්ගලික අංශය හා රජය මගින් පවත්වාගෙන යන රථ ගාල් සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවා පිහිටි ස්ථාන කවරේද;
යන්න පළාත් පාලන ආයතන මට්ටමින් එතුමා සභාගත කරන්නෙහිද?
(ආ) (i) රජයේ ඉඩම් රථ ගාල් පවත්වාගෙන යාම සඳහා පෞද්ගලික අංශයට ලබා දීමේ ක්‍රමවේදය කවරේද;
(ii) වර්ෂ 2011 - 2013 කාල පරිච්ඡේදය තුළ එසේ බදු දීමෙන් ලැබූ ආදායම කොපමණද;
(iii) එම රථ ගාල්වල එක් එක් වාහන වර්ගය අනුව අය කරනු ලබන ගාස්තු කවරේද;
(iv) ගාස්තුව තීරණය කිරීමේ නිර්ණායක කවරේද;
(v) එම නිර්ණායක සකස් කළ ක්‍රමවේදය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) රථ ගාල් නඩත්තු කරන ආයතනය සහ අදාළ වැය ශීර්ෂය කවරේද;
(ii) රථ ගාල්වලට සිදුවන අලාභහානි ඒවා ලබාගෙන ඇති පාර්ශ්වයන්ගෙන් පියවා ගැනීමේ ක්‍රමවේදයක් තිබේද;
(iii) නොඑසේ නම්, ඊට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) (i) රජයේ ඉඩම් පුද්ගලික අංශය වෙත පවරාදීමේ අරමුණ කවරේද;
(ii) රජය විසින් රථ ගාල් පවත්වාගෙන යාමේ වගකීම නොදරන්නේ මන්ද;
(iii) රජය විසින් මහජන රථ ගාල් පවත්වාගෙනයාමේ ඉදිරි සැලසුමක් තිබේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-11-21
අසන ලද්දේ
ගරු ගරු අජිත් කුමාර මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 159කි.
(ඇමුණුම් 01හි සඳහන්ව ඇත.)
(ii) ඔව්.
(ඇමුණුම් 01හි x 1 හා x 2 වශයෙන් සඳහන්ව ඇත.
(ආ) (i) ටෙන්ඩර් පටිපාටිය යටතේ සිදු කරනු ලබයි.
(ii) රු.1,106,996,583.52
(ඇමුණුම් 02 වශයෙන් ඉදිරිපත් කරමි.)
(iii) ඇමුණුම් 02හි 3වන තීරුවෙහි අය කරන මුදල් යටතේ සඳහන් කර ඇත.
(iv) නාගරීකරණය වී ඇති ස්වභාවය, ලබා දී ඇති පහසුකම්, නඩත්තු කිරීමට යන වියදම්, ප්‍රදේශයේ පවතින වාහන තදබදය, වාහන ගාල් කිරීමට ඇති ඉල්ලුම, මහා මාර්ගය අනුව.
(v) පළාත් පාලන ආයතනයන්ට අදාළ අතුරු ව්‍යවස්ථා මඟින් හා එම ආයතන විසින් සභා සම්මත කරන්නට යෙදී ඇති පරිදි
(ඇ) (i) එක් එක් පළාත් පාලන ආයතනයන්ට අදාළ ස්වකීය අය වැය ලේඛනයන්හි පොදු උපයෝගිතා සේවා සඳහා වන වැය ශීර්ෂය
(ii) ඔව්.
රථවාහන නැවතුම් ස්ථාන පිළිබඳ අතුරු ව්‍යවස්ථා අනුව හා වාහන නැවතුම් ස්ථාන ටෙන්ඩර් මඟින් වෙනත් පාර්ශ්වයන්ට පවරා ඇති විට දී ඊට අදාළ වන ගිවිසුම් අනුව කටයුතු කරමින් රථ ගාල් සඳහා වන අලාභහානි වුවහොත් ඊට අදාළව කටයුතු කරනු ඇත.
(iii) අදාළ නොවේ.
(ඈ) (i) මෙය රටටම අදාළ කරුණකි. රජයේ ඉඩම් පෞද්ගලික අංශය වෙත ලබා දීමේ කටයුතුවලදී රටේ ජාතික අවශ්‍යතා කෙරෙහි සැලකිල්ලක් දක්වා අදාළ අණ පනත්වල විධිවිධාන අනුව පවරා දීම සිදු කරනු ලැබේ.
(ii) රථගාල් පවත්වා ගෙන යෑම සඳහා පළාත් පාලන ආයතන දිරිගැන්වීමත් ඒවා නඩත්තු කිරීම සඳහා පළාත් පාලන ආයතනවල සහභාගිත්වය ලබා දීමත් සිදු කරනු ලැබේ.
(iii) පළාත් පාලන ආයතන මට්ටමින් මහජන රථ ගාල් පවත්වා ගෙන යෑම දිරිගැන්වීම සඳහා කටයුතු කරනු ලැබේ.
(ඉ) අදාළ නොවේ.
(ඇමුණුම් 1 සහ 2 සභාගත* කරමි.)
පිළිතුරු දුන් දිනය
2015-03-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks