01

E   |     |  

 දිනය: 2015-03-06   පිළිතුර ලබා දී ඇත 

5265/2015: බැංකු සහකරුවන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ: ක්‍රමවේදය

5265/’14

 

ගරු අනුර දිසානායක මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ජාතික ඉතිරිකිරීමේ බැංකුවට බැංකු සහකාර (ලිපිකරු) ශ්‍රේණියට සේවකයින් බඳවා ගැනීම පිණිස 2014 මැයි මස 31, ජූනි මස 01 සහ ජූනි මස 07 සහ 08 යන සති අන්තවල සම්මුඛ පරීක්ෂණ පැවැත්වූයේද;

(ii) එසේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වූයේ නම්, ඒ සඳහා ගැසට් මගින් හෝ පුවත්පත් මගින් දැන්වීම් පළ කර අයදුම්පත් කැඳවීමක් සිදු කළේද;

(iii) එලෙස විවෘත අයදුම්පත් කැඳවීමක් සිදු නොකළේ නම්, සම්මුඛ පරීක්ෂණයට කැඳවීම පිණිස අපේක්ෂකයින් තෝරා ගත් ක්‍රමවේදය කවරේද;

(iv) එම පිරිස ඌව පළාත් සභා මැතිවරණයට පෙර බඳවා ගැනීමට සැලසුමක් තිබුනේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-03-06

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      නැත.

             (iii)      බැංකුවේ බැංකු සහකාර I තනතුර සඳහා අපේක්ෂක ලැයිස්තුවක් තමා වෙත ලැබී ඇති බව සභාපතිනිය විසින් 2014.05.08 දින පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී අධ්‍යක්ෂවරුන් වෙත දන්වා ඇති අතර, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම තනතුර සඳහා බඳවා ගැනීම සම්බන්ධයෙන් මුල පිරීමට එකඟතාව පළ කර ඇත. ලද අයැදුම්පත් පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව බැංකු සහකාර I තනතුරට අදාළ බඳවා ගැනීමේ පටිපාටියට අනුව සුදුසුකම් ඇති අයැදුම්කරුවන් තෝරා ගැනීම පිණිස සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවන ලදී.

(iv) නැත.

(ආ) බැංකු සහකාර I තනතුර සඳහා අවසන් වරට බඳවා ගැනීම් සිදු කරනු ලැබූවේ 2012 දී වන  අතර, 2014 වර්ෂයේ පැවති පුරප්පාඩු සලකා බලා බැංකු සහකාර තනතුර සඳහා ඉහත කී බඳවා ගැනීම් සිදු කරන ලදී.

පිළිතුරු දුන් දිනය

2015-03-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රවී කරුණානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks