01

E   |     |  

 දිනය: 2014-09-25   පිළිතුර ලබා දී ඇත 

5032/2014: Buffalo Milk and Curd

5032/’14

 

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාවේ දැනට සිටින මී ගව ගහනය කොපමණද;

            (ii)       වැඩිම මී ගව ගහනයක් සිටින දිස්ත්‍රික්ක පහ අනුපිළිවෙළින් කවරේද;

  (iii)  රජයේ ගොවිපළවල් යටතේ ඇති කරනු ලබන මී ගවයින් සංඛ්‍යාව කොපමණද;

  (iv)  ශ්‍රී ලංකාවේ ඇති කරනු ලබන මී ගව වර්ගයන්හි (breeds) නම් කවරේද;

  (v)  වාර්ෂික මී කිරි නිෂ්පාදනය ලීටර් කොපමණද;

  (vi)  මී ගවයින්ගේ කිරි සහ එළ ගවයින්ගේ කිරි පෝෂණීය ගුණයෙන් එකිනෙක වෙනස් වන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ආ)  (i)  මී ගව සම්පත දේශීය කිරි නිෂ්පාදනය තුළ කාර්යක්ෂමව යොදා ගැනීම සඳහා වැඩපිළිවෙළක් පවතින්නේද;

  (ii)  එසේ නම්, ඒ යටතේ ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් කවරේද;

  (iii)  මී ගවයින් සම්බන්ධ ව්‍යාපෘති වෙනුවෙන් 2013 වර්ෂයේදී වැය කර ඇති මුදල කොපමණද; 

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-09-25

අසන ලද්දේ

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks