01

E   |     |  

 දිනය: 2014-09-11   පිළිතුර ලබා දී ඇත 

5030/2014: Betel Farmers

5030/’14

 

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— සුළු අපනයන භෝග ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)       ශ්‍රී ලංකාවේ සිටින බුලත් ගොවීන් සංඛ්‍යාව ආසන්න වශයෙන් කොපමණද;

             (ii)       වැඩි වශයෙන් බුලත් වගා කරනු ලබන ප්‍රදේශ කවරේද;

(iii) බුලත් අපනයනය කරනු ලබන ප්‍රධාන රටවල් කවරේද;

(iv) බුලත් අපනයනය තුළින් වාර්ෂිකව උපයනු ලබන විදේශ විනිමය ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ආ) (i) බුලත් වගාකරුවන්ට සහනාධාර ක්‍රමයක් යටතේ පොහොර ලබා දීමට කටයුතු කරන්නේද;

(ii) දේශීය වෙළඳපොළෙහි ඉතා කෙටි කාල පරාසයන් තුළ සිදුවන බුලත් මිල උච්චාවචනය වීම අවම කිරීමට සුදුසු ක්‍රමවේදයක් හඳුන්වා දීම පිළිබඳව අධ්‍යයනය කර තිබේද;

(iii) බුලත් වගාව පිළිබඳව පර්යේෂණ කටයුතු සිදු කරනු ලබන්නේද;

 

(iv) එසේ නම්, එම පර්යේෂණ තුළින් බුලත් වගාවේ උන්නතිය උදෙසා මෑත දී සිදු කර ඇති ප්‍රධානතම සොයා ගැනීම් හෝ නිර්දේශයන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?      

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-09-11

අසන ලද්දේ

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සුළු අපනයන ‍භෝග ප්‍රවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks