E   |     |  

 දිනය: 2014-07-10   පිළිතුර ලබා දී ඇත 

4846/2014: ඔට්ටු ඇල්ලීම් ලියා පදිංචිය: අයබදු

4846/’14

 

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       පහත සඳහන් කාණ්ඩ තුන යට‍තේ, එනම් නියෝජිතයින් මාර්ගයෙන්, සජීවී විකාශන පහසුකම් සැපයීම මගින් සහ සජීවී විකාශන පහසුකම් රහිතව  ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ ස්ථාන සංඛ්‍යාව 2005 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා වාර්ෂික පදනමින් කවරේද?

  (ii)  ඉහත එක් එක් ලියාපදිංචිවීම් සිදුවී ඇත්තේ කවර පුද්ගලයන්ගේ හෝ සමාගම්වල නම් යටතේද;

  (iii)  ඉහත ලියාපදිංචි කිරීම් අතරින් කවර හෝ ලියාපදිංචි කිරීමක් යම් සමාගමක් ‍යට‍තේ ලියාපදිංචි කර ඇත්නම්, එම සමාගමේ අධ්‍යක්ෂවරුන්ගේ නම් කවරේද;

  (iv)  ඉහත ‍(i) හි සඳහන් කාණ්ඩ තුන යටතේ එකතු කර ගත් අයබදු ප්‍රමාණය 2005 සිට 2013 වර්ෂය දක්වා වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  නො එසේනම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-07-10

අසන ලද්දේ

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල් හා ක්‍රමසම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2005 වසරේ සිට 2013 දක්වා අලුතින් ලියාපදිංචි කළ සංඛ්‍යාව පහත දක්වා ඇත.

 

 

වර්ෂය

සජීවී පහසුකම් සහිත මධ්‍යස්ථාන

නියෝජිතයින් මඟින් ඔට්ටු ඇල්ලීම

සජීවී පහසුකම් රහිත මධ්‍යස්ථාන

2005

ලියාපදිංචි වී නැත

ලියාපදිංචි වී නැත

ලියාපදිංචි වී නැත

2006

12

02

10

2007

05

-

13

2008

09

01

51

2009

-

01

45

2010

05

02

67

2011

09

-

47

2012

10

-

46

2013

01

-

45

 

(ii) පුද්ගලයන් හෝ සමාගම් පිළිබඳ නිශ්චිත තොරතුරු බාහිර පාර්ශ්වයන්ට ලබා දීම 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 209 වන වගන්තියේ විධිවිධාන මඟින් වළක්වා ඇත.

(iii) පුද්ගලයන් සහ සමාගම් පිළිබඳ නිශ්චිත තොරතුරු බාහිර පාර්ශ්වයන්ට ලබා දීම 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 209 වන වගන්තියේ විධිවිධාන මඟින් වළක්වා ඇත.

(iv) 2006 සිට 2013 දක්වා එක් එක් වර්ෂවල අදාළ කාණ්ඩය යටතේ ලැබී ඇති මුළු ආදායම පහත දක්වා ඇත. 2005 වර්ෂය තුළදී ඔට්ටු හා සූදුබදු පනත යටතේ ලැබී ඇති මුළු ආදායම රුපියල් මිලියන 196.37කි.

 

වර්ෂය

සජීවී පහසුකම් සහිත මධ්‍යස්ථාන (රු.මිලියන)

නියෝජිතයින් මඟින් ඔට්ටු ඇල්ලීම (රු.මිලියන)

සජීවී පහසුකම් රහිත මධ්‍යස්ථාන (රු.මිලියන)

2006

48.6

12

21.4

2007

48.6

12

74

2008

52.8

12.5

4.7

2009

52.8

12.6

3.6

2010

51.3

24.5

18.1

2011

54

24.8

7.2

2012

57

16.5

9.4

2013

60

20

11

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2016-07-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks