පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4807/’14
ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) උකුවෙල නගරය සහ අවට ප්‍රදේශවල ජීවත් වන ද්‍රවිඩ දරුවන්ට උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබීමට ද්‍රවිඩ මාධ්‍ය පාසලක් නොමැති බවත්;
(ii) දළ වශයෙන් 700 කට වැඩි ද්‍රවිඩ සිසු සිසුවියන් පිරිසකට අධ්‍යාපනය හැදෑරීමට හැකි පාසලක් ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය ඉඩම් ප්‍රමාණය ලබාදීමට දෙමව්පියන් සූදානමින් සිටින බව දැනුම් දී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) උකුවෙල නගරය සහ ආශ්‍රිත වතු ප්‍රදේශවල ජීවත් වන ද්‍රවිඩ ළමුන්ගේ අධ්‍යාපන සුබ සාධනය වෙනුවෙන් ද්‍රවිඩ මාධ්‍ය පාසලක් ස්ථාපිත කිරීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-07-09
අසන ලද්දේ
ගරු ඒ.එච්.එම්. අස්වර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) උකුවෙල නගරය සහ අවට ප්‍රදේශවල ජීවත් වන ද්‍රවිඩ දරුවන්ට උසස් පෙළ අධ්‍යාපනය ලැබීමට ද්‍රවිඩ මාධ්‍ය පාසල් ආසන්නයේ පිහිටා ඇත. විස්තර පහත සඳහන් පරිදි වේ.
|
නම |
දුර (km) (උකුවෙල නගරයේ සිට) |
පාසල් වර්ගය |
|
මා/අජ්මීර් ජාතික පාසල |
උකුවෙල නගරයේ |
1AB |
|
මා/කුරිවෙල හමිදියා මු.වි. |
2.5 |
1C |
(ii) එවැනි දැන්වීමක් සිදු කර නොමැති බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් දන්වා ඇත.
(ආ) මෙම ප්‍රදේශයේ ද්‍රවිඩ සිසුන් ඉහත සඳහන් කළ පාසල්වල උසස් අධ්‍යාපනය ලබන බැවින් නව පාසලක් ස්ථාපිත කිරීමේ ඉල්ලීමක් ලැබී නැත.
මෙම ප්‍රදේශයේ උසස් පෙළ ඉගෙනුම ලබන සිසුන් ඉහත සඳහන් කළ දෙමළ මාධ්‍ය පාසල්වල දැනට ඉගෙන ගන්නා බව වැඩිදුරටත් සඳහන් කරමි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2016-07-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මොහාන් ලාල් ග්‍රේරු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks