පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4780/’14
ගරු අශෝක් අබේසිංහ මහතා,— සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මෙරට ලියාපදිංචි කර ඇති සමස්ත ඖෂධ සංඛ්‍යාව කොපමණද;
(ii) ඖෂධ ලියාපදිංචි කිරීම සඳහා ක්‍රියාත්මක වන වත්මන් ක්‍රමවේදය කවරේද;
(iii) ඖෂධ ලියාපදිංචි කිරීම පාලනය කිරීම සඳහා යම්කිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-03-04
අසන ලද්දේ
ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 8,100 කි.
(ii) අයදුම්පත් භාර ගැනීම.
මූලික ඇගැයීමට ලක් කිරීම.
අහඹු ලෙස සාම්පල් පරීක්ෂාව.
ඖෂධ විශ්ලේෂක අනුකමිටුව මඟින් නිර්දේශ ලබා ගැනීම.
අනුමත ඖෂධ සඳහා ලියා පදිංචි සහතිකය ලබා දීම.
(වසර 05කට සහ වසරක් පාසා ආනයනික/නිෂ්පාදක බලපත් නිකුත් කිරීම.)
(iii) මේ සඳහා නව ඖෂධ පනතට- අද පාර්ලිමේන්තුවට ගෙනාවාට පසුව- රෙගුලාසි ගෙන ඒමට යෝජනා වී ඇත. එමඟින් එක් ඖෂධයක් සඳහා වන නිෂ්පාදන වෙළෙඳ නාම - Brands - සංඛ්‍යාව සීමා කිරීමට පනතේ සඳහන්ව ඇත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-03-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks