E   |     |  

 දිනය: 2015-02-19   පිළිතුර ලබා දී ඇත 

4777/2015: ඩෙංගු රෝගය මර්දනය : BTI කීට නාශක යෙදවීම

4777/’14

 

ගරු අශෝක් අබේසිංහ මහතා,— සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකාව තුළ මැලේරියා ‍රෝගය සම්පූර්ණයෙන් තුරන් කර තිබේද;

             (ii)       ශ්‍රී ලංකාව තුළ මෑතකදී මැලේරියා රෝගීන් නැවත හඳුනාගත් බව දන්නේද;

            (iii)       ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා දේශීයව නිපදවූ  BTI කීට නාශක යෙදවීම ආරම්භ කර තිබේද;

(iv) ඩෙංගු මර්දනය කිරීම සඳහා ගෙන්වන ලද විදේශීය BTI කීට නාශක  සම්පූර්ණයෙන්ම  බෙදා හැර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-02-19

අසන ලද්දේ

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)            (i)      ඔව්.

               (ii)      2012 ඔක්තෝබර් මාසයෙන් පසු හඳුනා ගනු ලැබුවේ විදේශයන්හිදී මැලේරියාව වැළඳී මෙරටට පැමිණි පුද්ගලයන් පමණි. මැලේරියා රෝගය බහුලව පවතින රටවල සංචාරය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන්ගෙන් මැලේරියා රෝගය තවදුරටත් වාර්තා වේ. ඒ අනුව සංචාරකයන් හරහා රට තුළට ඇතුළු වන මැලේරියා පරපෝෂිතයන් මඟින් නැවතත් රට තුළ මැලේරියාව ව්‍යාප්ත වීමට ඉඩ ඇති බැවින් මෙම අමාත්‍යාංශය මැලේරියා මර්දන ව්‍යාපාරය හරහා අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ සහයෝගය ද ඇතිව තවදුරටත් රෝග නිවාරණ කටයුතු ක්‍රියාත්මක කරනු ලැබේ.

(iii) ඔව්.

(iv) ඔව්.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2015-02-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks