01

E   |     |  

 දිනය: 2014-06-05   පිළිතුර ලබා දී ඇත 

4746/2014: ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව: පාඩුව

4746/’14

 

ගරු අශෝක් අබේසිංහ මහතා,— ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අඛණ්ඩව පාඩු ලැබීමට හේතු වී ඇති කරුණු කවරේද;

             (ii)      සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආරම්භ කළ දිනය කවරේද;

           (iii)      එම තෙල් පිරිපහදුවේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා ගෙන ඇති ක‍්‍රියා මාර්ග කවරේද;

(iv) වර්ෂ 2011 සිට 2013 දක්වා කාල සීමාවේ දී වාර්ෂිකව මෙරටට ගෙන්වන ලද බොර තෙල් ප‍්‍රමාණය කොපමණද;

(v) බොරතෙල් ආනයනය අඩු වීම නිසා පිරිපහදු කළ තෙල් ගෙන්වීම හේතුවෙන්  රජයට අලාභයක් සිදු වන බව පිළිගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-06-05

අසන ලද්දේ

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඛනිජ තෙල් කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ·     විදුලිබල මණ්ඩලය සඳහා ආනයනික මිලට වඩා                        අඩු මිලට    ඉන්ධන අළෙවි කිරීම

                          ·     භූමි තෙල් සහ ඩීසල් සඳහා සහනාධාර ලබා දීම.

                          ·     ණය සඳහා පොලිය ගෙවීමට සිදු වීම.

                          ·     ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය පහළ යාම.

  • · පිරිපහදුව සඳහා "ඉරානියන් ලයිට්" වර්ගයට අයත් බොර තෙල් මිලදී ගැනීමට නොහැකි වීම.

(ii) 1969 ඔක්තෝබර් 12වැනිදා.

     (iii)  · ඉරාන බොර තෙල් වෙනුවට නව බොර තෙල් මිශ්‍රණයක්  හඳුනා ගැනීම.

  • · පිරිපහදු නවීකරණය හා පුළුල් කිරීමේ ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම.
  • · පවතින පිරිපහදු ඒකකය නවීකරණය කිරීම.
  • · පිරිපහදුවේ නඩත්තු කටයුතු නියමිත කාල වකවානුව  තුළ සිදු කිරීම.

(iv)

 වර්ෂය

බොර තෙල් ප්‍රමාණය (මෙට්‍රික්ටොන් මිලියන)

2011

2.07

2012

1.49

2013

1.74

(v) රජයට අලාභයක් සිදු නොවේ.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2014-07-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks