01

E   |     |  

 දිනය: 2014-09-26   පිළිතුර ලබා දී ඇත 

4736/2014: Lahugala Maha Vidyalaya

4736/’14

 

ගරු අනෝමා ගමගේ මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       අම්පාර දිස්ත්‍රික්කයේ, ලාහුගල ගම්මානයේ ඇති ලාහුගල මහ විදුහලෙහි අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව කොපමණද;

            (ii)       එහි පැවැත්වෙන  පන්ති සංඛ්‍යාව කොපමණද;  

  (iii)  විදුහල්පතිවරයාද ඇතුළුව එහි ආචාර්ය මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

 

(ආ)  (i)  ලාහුගල ගම්මානයේ කුඩා දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා ඇති ප්‍රාථමික පාසල කවරේද;

  (ii)  මෑතකදී එම පාසල සම්බන්ධව ඇතිවූ ගැටලුව කවරේද;

  (iii)  එම ගම්මානය සඳහා නැගෙනහිර පළාත් සභාවේ ද අනුමතිය ඇතිව මෑතකදී ප්‍රාථමික පාසලක් ආරම්භ කළේද;

  (iv)  එම පාසලේ වත්මන් තත්ත්වය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  (i)  ඉහත සඳහන් පාසල් පළාත් සභා යටතේ පාලනය වුවත්, පොදුවේ එම පාසල් දරුවන්ට  බාධාවකින් තොරව අධ්‍යාපනය ලැබීමේ පහසුකම් සැපයීම මධ්‍යම රජයේ වගකීමක් බව පිළිගන්නේද;

  (ii)  එසේ නම්,  එම පාසල්වල දැනට පවතින ගැටලු නිරාකරණය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-09-26

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks