පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4674/’13
ගරු පී. හැරිසන් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පසුගිය වර්ෂ තුන තුළදී නිපදවූ ඖෂධ වර්ගවල වටිනාකම වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් නිපදවන ඖෂධ පෞද්ගලික අංශයේ රෝහල් සඳහා නිකුත් කරනු ලබන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් නිපදවනු ලබන ඖෂධ වර්ග දේශීය අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් වන්නේද;
(ii) නොඑසේ නම්, එවැනි නිෂ්පාදනයක් සිදු කිරීමට ඇති බාධාවන් කවරේද;
(iii) රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිෂ්පාදනය කරනු ලබන ඖෂධ වර්ග (අදාළ මාත්‍රාව සහිත) ආනයනය කරනු ලබන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) විදේශීය සමාගම් මගින් ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන ඖෂධ වර්ගවල ප්‍රමිතිය පරීක්ෂා කරනු ලබන්නේද;
(ii) ඖෂධ ඇණවුම් කිරීම ප්‍රමිති පරීක්ෂාවකින් පසුව සිදු කරන්නේද;
(iii) එසේම විදේශීය ඖෂධ නිෂ්පාදන සමාගම්වල ප්‍රමිති සහතිකය පරීක්ෂාවට ලක් කිරීම තවදුරටත් සිදු කරන්නේද;
යන්න එතුමා තවදුරටත් මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-10-30
අසන ලද්දේ
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
|
2011 |
2012 |
2013 |
|
නිෂ්පාදන පිරිවැය (රුපියල් |
1,127,409,289.00 |
1,220,523,214.00 |
1,513,899,413.00 |
(ii) රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිපදවන ඖෂධ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ බෙදා හරින්නන් සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා ඔසුසැල් හරහා දේශීය වෙළෙඳ පොළට මුදා හැරේ.
(ආ) (i) ප්‍රමාණවත් නොවේ.
(ii) දැනට පවතින ඉඩ ප්‍රමාණය අනුව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර උපරිම ධාරිතාවකින් කටයුතු කරයි. තවදුරටත් නිෂ්පාදනය වැඩි කිරීමට නව කර්මාන්තශාලාවක් ප්‍රතිස්ථාපනය කළ යුතු වේ.
(iii) නැත.
(ඇ) (i) ඔව්.
(ii) ඔව්.
(iii) ඔව්.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2014-10-30
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු ලලිත් දිසානායක මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks