01

E   |     |  

 දිනය: 2014-08-22   පිළිතුර ලබා දී ඇත 

4623/2014: Russian Embassy - Takeover of private lands

4623/’13

 

ගරු සුජීව සේනසිංහ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

 (අ)        (i)      රුසියානු තානාපති කාර්යාලයට ලබා දීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් පෞද්ගලික ඉඩමක් පවරා ගෙන තිබේද;

            (ii)      එම පවරා ගැනීම සිදු කර ඇති පදනම කවරේද;

(iii) රුසියානු තානාපති කාර්යාලය සඳහා ලබාදීමට නියමිත ඉඩමේ මුළු බිම් ප්‍රමාණය කොපමණද;

(iv) පෞද්ගලික ඉඩම් පවරා ගෙන වෙනත් ආයතන සඳහා විකිණීම සදාචාරාත්මක  කටයුත්තක් වන්නේද;

(v) පවරා ගන්නා ලද ඉඩම්, පවතින නීතිය යටතේ පොදු කටයුත්තක් සඳහා හැර වෙනත් කාර්යයකට භාවිතා කිරීමට හැකියාව තිබේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ආ) ඉහත ඉඩම් පවරා ගැනීමෙන් පසු එම ඉඩම්වල සිටි පදිංචිකරුවන්ට ලබා දී ඇති වන්දි මුදල කොපමණද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-08-22

අසන ලද්දේ

ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks