01

E   |     |  

 දිනය: 2014-06-19   පිළිතුර ලබා දී ඇත 

4598/2014: වප/පු/කොයියාවඩි මුස්ලිම් මහ විදුහල : ගුරු හිඟය

4598/’13

 

ගරු මොහමඩ් අස්ලම් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       වයඹ පළාතේ, පුත්තලම අධ්‍යාපන කලාපයට අයත්, වප/පු/කොයියාවඩි මුස්ලිම් මහ විදුහලේ විද්‍යාව සහ ගණිතය යන විෂයයන් සඳහාත්, ප්‍රාථමික අංශයටත් අවශ්‍ය ගුරුවරුන් නොමැති බවත්;

  (ii)  එම තත්ත්වය එකී පාසලේ  ශිෂ්‍යයින්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් බවත්;

එතුමා දන්නෙහිද?

(ආ)  එම පාසලට අවශ්‍ය ගුරුවරුන් නොපමාව ලබාදීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-06-19

අසන ලද්දේ

ගරු ගරු මොහමඩ් අස්ලම් මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)        වයඹ පළාතේ, පුත්තලම අධ්‍යාපන කලාපයට අයත් වප/පු/කොයියාවඩි මුස්ලිම් විද්‍යාලයේ වර්තමාන තත්ත්වය පහත සඳහන් කර ඇත.

ශිෂ්‍ය සංඛ්‍යාව                        -                                 1-5                                     -        264

                                     -                                6-11                                    -         253

මුළු ශිෂ්‍ය සංඛ්‍යාව                  - 517

අනුමත ගුරු සංඛ්‍යාව -  27

සිටින ගුරු සංඛ්‍යාව - 18

 

 

චක්‍රලේඛ අංකය

විෂයය

අනුමත ගුරු සංඛ්‍යාව

සිටින ගුරු සංඛ්‍යාව

ඌන ගුරු සංඛ්‍යාව

වෙනත්

2013/38 චක්‍රලේඛයට අනුව

විද්‍යා/ගණිත  ප්‍රාථමික

03  08

02  05

01  03

- -

 

තාක්ෂණය, ක්‍රීඩා, විශේෂ අධ්‍යාපනය යන විෂයයන්ට ගුරු අතිරික්තයක් පවතී.

(ii) දෙමළ මාධ්‍ය ගුරු හිඟය නිසා මෙවැනි තත්ත්වයක් ඇති වී තිබේ.

(ආ) මුළු රටෙහිම දෙමළ මාධ්‍ය සුදුසුකම් ලැබූ උපාධිධාරින් සොයා ගැනීමට අසීරු වන බැවින් විශේෂිත කැබිනට් අනුමැතියක් මත උසස් පෙළ සමතුන් ගුරු සහායකයින් ලෙස බඳවා ගැනීමට අනාගතයේදී කටයුතු කෙරේ.

(ඇ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2014-06-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මොහාන් ලාල් ග්‍රේරු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks