පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4436/’13
ගරු තලතා අතුකෝරල මහත්මිය,— මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රත්නපුර, තිරිවානකැටියේ සිට අගලවත්ත දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කරන්නේද;
(ii) එසේ කාපට් කිරීමට නියමිත මාර්ගයේ මුළු දුර ප්‍රමාණය කොපමණද;
(iii) ඒ සඳහා ඇස්තමේන්තුගත මුදල කොපමණද;
(iv) ඒ සඳහා ගිවිසුම් අත්සන් කර ඇති සමාගම් කවරේද;
(v) ගිවිසුමට අනුව එම මාර්ගයේ සංවර්ධන කටයුතු අවසන් කිරීමට නියමිත දිනය කවරේද;
(vi) දැනට කාපට් අතුරා වැඩ අවසන් කර ඇති මුළු දුර ප්‍රමාණය කොපමණද;
(vii) වැඩ අවසන් කර ඇති ප්‍රමාණය එක් එක් සමාගම අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(viii) මේ වන විට මෙම සමාගම් සඳහා ගෙවා ඇති මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-12-20
අසන ලද්දේ
ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග, වරාය හා නාවික
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්. (මෙම මාර්ගය ව්‍යාපෘති දෙකක් යටතේ සංවර්ධනය කරනු ලබයි)
(ii) කිලෝ මීටර් 67.80 (මාර්ගයේ පළල - මීටර් 8.4, මංතීරු සංඛ්‍යාව - 02, පාලම් සංඛ්‍යාව - 01, බෝක්කු සහ කුඩා පාලම් සංඛ්‍යාව - නව ඉදිකිරීම් 120, පුළුල් කර සංවර්ධනය කිරිම් 173)
(iii) කිලෝ මීටර් 0.00 සිට කිලෝ මීටර් 33.5 දක්වා කොටස සඳහා රුපියල් මිලියන 2,800
කිලෝ මීටර් 33.5 සිට කිලෝ මීටර් 67.80 දක්වා කොටස සඳහා රුපියල් මිලියන 3,500
(iv) චයිනා නැෂනල් එරෝ ටෙක්නොලොජි ඉන්ටර්නැෂනල් ඉංජිනියරින් කෝපරේෂන් ඔෆ් චයිනා සමාගම - China National Aero Technology International Engineering Corporation of China, CATIC-ENG - (මෙම සමාගම විසින් අතුරු ගිවිසුමක් මඟින් දේශීය සමාගම් දෙකකට ව්‍යාපෘතියේ කටයුතු නිම කිරීමට භාර දී ඇත. මෙම ප්‍රදේශයන්හි පසු ගිය වසරේ නිතර පැවති වැසි සහිත කාලගුණික තත්ත්වය සහ එම සමාගම් දෙකෙහි වැඩ ප්‍රමාදය හේතුවෙන් ඉදිකිරීම් කටයුතුවල බලාපොරොත්තු වූ ප්‍රගතිය ලබා ගැනීමට නොහැකි විය. එබැවින් අමාත්‍යාංශයේ උපදෙස් පරිදි අතුරු ගිවිසුම අවලංගු කර ඇත. අමාත්‍යාංශය සමඟ ගිවිසුමට එළඹි චීන සමාගම විසින් මේ වන විට ඉදිකිරීම් කටයුතු කරගෙන යනු ලැබේ.)
(v) · කිලෝමීටර් 0.00 සිට කිලෝමීටර් 33.5 දක්වා කොටස 2013.06.30
· කිලෝමීටර් 33.5 සිට කිලෝමීටර් 67.80 දක්වා කොටස 2013.12.11
(vi) කිලෝමීටර් 21
(vii) · කිලෝමීටර් 0.00 සිට කිලෝමීටර් 33.5 දක්වා කොටසෙහි කිලෝමීටර් 15.50ක් පමණ
· කිලෝමීටර් 33.5 සිට කිලෝමීටර් 67.80 දක්වා කොටසෙහි කිලෝමීටර් 5.50ක් පමණ
(viii) · කිලෝමීටර් 0.00 සිට කිලෝමීටර් 33.5 දක්වා කොටස සඳහා රුපියල් මිලියන 1,236
· කිලෝමීටර් 33.5 සිට කිලෝමීටර් 67.80 දක්වා කොටස සඳහා රුපියල් මිලියන 966
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-12-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු නිර්මල කොතලාවල මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks