පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4435/’13
ගරු තලතා අතුකෝරල මහත්මිය,— මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) නාගරික සංවර්ධන අධිකාරිය මගින් නගර හා මහාමාර්ග සංවර්ධනය කිරීම යටතේ කොළඹ - මඩකලපුව මාර්ගය සංවර්ධනය කරනු ලබන්නේද;
(ii) එසේ නම්, සංවර්ධනය කරනු ලබන එම මාර්ගයේ විශාලත්වය (දිග සහ පළල) කොපමණද;
(iii) එම මාර්ගය සංවර්ධනය කිරීමේදී හානි සිදුවන දේපළ නිශ්චිත ක්‍රමවේදයකට අනුව පවරා ගනු ලබන්නේද;
(iv) එසේ දේපළ පවරා ගැනීමේ බලය හිමි ආයතනය කවරේද;
(v) එම පවරා ගැනීමේ වගකීම පැවරෙන බලධාරියා කවුරුන්ද;
(vi) පවරා ගනු ලබන දේපළ සඳහා වන්දි මුදලක් ලබා දෙන්නේද;
(vii) එසේ වන්දි ගෙවන්නේ නම්, එම වන්දිය තක්සේරු කරන පදනම කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-05-21
අසන ලද්දේ
ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග, වරාය හා නාවික
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
කොළඹ-මඩකලපුව මාර්ගය ලෙස සඳහන් කර ඇත්තේ කොළඹ සිට පේරාදෙණියටත්, පේරාදෙණිය සිට බදුල්ල හරහා චෙන්කලාඩි දක්වා දිවෙන මාර්ගයයි. මෙම මාර්ගයේ බදුල්ල සිට චෙන්කලාඩි දක්වා වන කිලෝමීටර් 150ක දුර ප්‍රමාණය පුනරුත්ථාපනය කිරීමට නියමිතව ඇත. එයට අදාළ විස්තර පහත සඳහන් වේ.
(ii) බදුල්ල සිට චෙන්කලාඩි දක්වා කිලෝමීටර් 150ක දුර ප්‍රමාණයට අදාළව;
දිග - කිලෝමීටර් 150යි
යෝජිත පළල - මීටර් 12යි
(iii) ඔව්.
(iv) ඉඩම් අමාත්‍යාංශය සහ අදාළ ප්‍රාදේශීය ලේකම්
(v) තක්සේරු දෙපාර්තමේන්තුව සහ අදාළ ප්‍රාදේශීය ලේකම්
(vi) ඔව්
(vii) දැනට පවතින වෙළෙඳ පොළ වටිනාකම අනුව
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2016-04-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු නිර්මල කොතලාවල මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks