පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4417/’13
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ මූලික සැලසුමට අයත්ව තිබූ ඩෙවොන්, සෙන්ට් ඇන්ඩෲස්, පූඩළු ඔය, පූනා ඔය සහ රම්බොඩ යන ජල මූලාශ්‍රයන් වැඩ අවසන්ව ඇති එකී ව්‍යාපෘතියට ඇතුළත් කර නොමැති බව දන්නේද;
(ii) එම තත්ත්වය යටතේ මූලික සැලැස්මේ සඳහන් පරිදි විදුලි ජනනයක් එකී ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය තුළින් අපේක්‍ෂා කළ හැකිද;
(iii) ඉදිරියේදී මෙම සියලු ජල මූලාශ්‍රයන් හෝ ඉන් කොටසක් හෝ වැඩ අවසන් කර ඇති ඉහත ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ කාර්යක්‍ෂමතාව වැඩිකර ගැනීම සඳහා යොදා ගැනීමට අපේක්ෂා කරන්නේද;
(iv) එසේ නම්, එසේ යොදා ගැනීමට අපේක්ෂිත ජල මූලාශ්‍රයන් කවරේද;
(v) අවශ්‍යතාවට අනුව ඉහත ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය හා බද්ධ කිරීමට හැකි වන අයුරින් එකී ජල මූලාශ්‍රවල අවශ්‍ය ඉදිකිරීම් කටයුතු කර තිබේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-12-20
අසන ලද්දේ
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්, ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ මූලික සැලසුමට අනුව කොත්මලේ ඔය ප්‍රධාන ජල මූලාශ්‍රයට අමතරව, ඩෙවොන්, සෙන්ට් ඇන්ඩෲස්, පූඩළු ඔය, පූනා ඔය සහ රම්බොඩ ඔය යන ජල මූලාශ්‍රයන්ද යොදා ගැනීමට සැලසුම් කර තිබුණු නමුදු පසුව ගන්නා ලද කැබිනට් තීරණයක් අනුව, කොත්මලේ ඔය ප්‍රධාන ජල මූලාශ්‍රය පමණක් යොදා මෙම ව්‍යාපෘතියේ මුල් අදියර ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.
(ii) මුල් සැලැස්ම අනුව අපේක්ෂිත වාර්ෂික විදුලිය නිෂ්පාදනය ගිගා වොට් පැය 525කි. පසුව කළ සංශෝධනය අනුව අපේක්ෂිත විදුලිය නිෂ්පාදනය ගිගා වොට් පැය 409කි.
(iii) දැනට සලකා බලමින් පවතී.
(iv) මේ වන විට පූඩළු ඔය සහ ඩැන්සිනන් ඔය ජල මූලාශ්‍ර යොදා ගැනීම පිළිබඳව විමර්ශනය කර ඇති අතර, ඒ සඳහා මූල්‍යමය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා විදේශ සම්පත් දෙපාර්තමේන්තුව වෙත ඉල්ලුම් කර ඇත.
(v) ඔව්.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-12-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks