01

E   |     |  

 දිනය: 2014-06-19   පිළිතුර ලබා දී ඇත 

4335/2014: ශ්‍රී ලංකා පරිපාලන සේවය : පත්වීම්

4335/’13

 

ගරු අනෝමා ගමගේ මහත්මිය,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

  (අ)       (i)       අද වන විට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I, II, සහ III යන පන්තිවල පවතින  තනතුරු පුරප්පාඩු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

            (ii)       ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III පන්තිය සඳහා නිලධාරීන් බඳවා ගැනීමට පවත්වනු ලබන විවෘත තරග විභාගය අවසන් වරට පැවැත්වූ දිනය කවරේද;

  (iii)  එම විභාග ප්‍රතිඵල මත නිලධාරීන් තෝරා පත්කළ දිනය කවරේද;

  (iv)   එම අවස්ථාවේදී ලබාදුන් පත්වීම් සංඛ්‍යාව කොපමණද;

  (v)  එම පත්වීම් ලද නිලධාරීන් අතර සිටි කාන්තාවන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  (i)  ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III ‍පන්තිය සඳහා නිලධාරීන් බඳවා ගැනීම සඳහා පවත්වනු ලබන සීමිත තරග විභාගය අවසන් වරට පවත්වනු ලැබූ දිනය කවරේද;

  (ii)  එම විභාග ප්‍රතිඵල මත නිලධාරීන් බඳවා ගෙන තිබේද;

  (iii)  නොඑසේ නම්, නිලධාරීන් බඳවා ගැනීමට අපේක්ෂිත දිනයන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-06-19

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)            (i)      ශ්‍රී ලං.ප.සේ.  විශේෂ ශ්‍රේණිය - 62

                        I ශ්‍රේණිය - 365

                        II හා III ශ්‍රේණිය - 306

              (ii)      2012.06.30 හා 2012.07.01

              (iii)      2013.05.02

              (iv)       112

               (v)      73

 (ආ)         (i)      2012.07.21 හා 2012.07.22

              (ii)      ඔව්.

                        2014.04.21 දිනැතිව 37ක්  බඳවාගෙන ඇත.

තවද 2014.06.02 දිනැතිව තවත් නිලධාරින් 29ක් බඳවාගෙන ඇත.

(iii) අදාළ නැත.

(ඇ) අදාළ නැත.

 

පිළිතුරු දුන් දිනය

2014-06-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks