01

E   |     |  

 දිනය: 2014-04-08   පිළිතුර ලබා දී ඇත 

4330/2014: ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය : මිලදී ගත් බස්රථ

4330/’13

 

ගරු අනෝමා ගමගේ මහත්මිය,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2013 වර්ෂයේ දී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා අලුතින් මිලදී ගත් බස්රථ සංඛ්‍යාව කොපමණද;

            (ii)       ඒ සඳහා වැයකළ මුදල කොපමණද;    

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ආ)  (i)  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝවල සේවය කරනු ලබන සේවක සංඛ්‍යාවෙන් බස්රථවල රියදුරු සහ කොන්දොස්තර සේවාවන්වල යොදවා ඇති සංඛ්‍යාව කොපමණද;

  (ii)  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවත්වාගෙන යාම සඳහා රජය මසකට වැයකරන මුදල කොපමණද;

  (iii)  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මාසික ආදායම කොපමණද;

යන්න එතුමා මෙම සභාවට  දන්වන්නෙහිද?        

(ඇ)   නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-04-08

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු රෝහණ දිසානායක මහතා (ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு ரோஹண திசாநாயக்க - போக்குவரத்து பிரதி அமைச்சர்)

(The Hon. Rohana Dissanayake - Deputy Minister of Transport)

ගරු කථානායකතුමනි, ප්‍රවාහන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)            (i)       313කි.

               (ii)       රුපියල් මිලියන 1,308.027කි.

(ආ)           (i)       රියැදුරු සංඛ්‍යාව 9,267

                         කොන්දොස්තර සංඛ්‍යාව 9,287

(ii) පුනරාවර්තන වියදම් සඳහා රුපියල් මිලියන 547ක් වැය කර ඇත.

(iii) රුපියල් මිලියන 1,881.067කි.

(ඇ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2014-04-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රෝහණ දිසානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks