පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4327/’13
ගරු අජිත් පී. පෙරේරා මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට මුහුදු ආරක්ෂක (Sea Marshals) රැකියාවේ නිරතවීමට අයිතිය තිබේද;
(ii) මුහුදු ආරක්ෂක රැකියාවේ නිරත වීම සඳහා රක්නා ආරක්ෂන ලංකා ලිමිටඩ්හි සේවකයන්ට පමණක් හිමිකම් ඇති බවට දැක්වෙන ලිපියක් 2013.06.18 දින රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වන ඩී. එම්. එස්. ඩී. ජයරත්න මහතා විසින් නිකුත්කර තිබේද;
(iii) එසේ නම්, එකී ලිපිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(උ) ව්‍යවස්ථාවේ දැක්වෙන ඕනෑම නීත්‍යනුකූල රැකියාවක හෝ වෘත්තියක නිරතවීමට ඕනෑම පුරවැසියෙකුට ඇති හැකියාව අහිමිකර ඇති බව පිළිගන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-05-09
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්. එසේ යෙදිය යුත්තේ නිසි පුහුණුව සහ අදාළ සුදුසුකම් සහිතව නීත්‍යනුකූලවය.
(ii) 2013.06.18 දිනැතිව ලිපියක් නිකුත් කර ඇත. එහෙත් එම ලිපියෙහි මුහුදු ආරක්ෂක රැකියාවේ නිරත වීම සඳහා රක්නා ආරක්ෂක ලංකා ලිමිටඩ් සමාගමේ සේවකයන්ට පමණක් හිමිකම් ඇති බවට කිසිදු සඳහනක් නැත.
(iii) නැත.
(ආ) මෙම තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 (1) ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම පිණිස ගනු ලැබූ බැවිනි.
පිළිතුරු දුන් දිනය
2014-05-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks