01

E   |     |  

 දිනය: 2014-04-25   පිළිතුර ලබා දී ඇත 

4325/2014: මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය: ගල් කොරි

4325/’13

 

ගරු අජිත් පී. පෙරේරා මහතා,— පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

  (අ)        (i)       මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පාතකඩ, උඩුවර සහ දෙල්ගොඩ යන ප්‍ර‍දේශවල පවත්වාගෙන යනු ලබන ගල්කොරි සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම ගල්කොරිවල නම් සහ ලිපිනයන් කවරේද;

(iii) එම එක් එක් ආයතනය විසින් කරගෙන යනු ලබන ව්‍යාපාරවල ස්වභාවයන් කවරේද;

(iv) එම එක් එක් ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අනුමතිය සහ බලපත්‍ර ලබාගෙන තිබේද;

(v) එසේ නම්, එම එක් එක් බලපත්‍රය සහ අනුමතිය ලබාගෙන ඇති දින වකවානු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) ඉහත සඳහන් ප්‍රදේශයේ පවතින බරපතල පරිසර දූෂණයක් පිළිබඳව වාර්තාවී තිබේද;

(ii) එසේ නම්, එකී පරිසර දූෂණ තත්ත්වය වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-04-25

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2014-04-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks