පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4317/’13
ගරු අනෝමා ගමගේ මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පිරිවෙන් අධ්‍යාපන ආයතන සඳහා ගුරුවරුන් බඳවා ගැනීමේදී සලකා බලනු ලබන මූලික අධ්‍යාපන සුදුසුකම් කවරේද;
(ii) එම ආයතන සඳහා අවශ්‍ය ගුරුවරුන් සංඛ්‍යාවේ හිඟයක් තිබේද;
(iii) එසේ නම්, එම සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ඒකකයේ වර්තමාන අධ්‍යක්ෂවරයා කවුරුන්ද;
(ii) ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් කවරේද;
(iii) එම අධ්‍යක්ෂවරයා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට අයත් නිලධාරියෙක්ද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-04-24
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 1979 අංක 64 දරන පිරිවෙන් අධ්‍යාපන පනතේ නියෝග මාලාවේ 26, 27, 33 වගන්ති යටතේ පනවා ඇති නියෝග අනුව පහත සඳහන් සුදුසුකම් සලකා බලනු ලැබේ.
* ප්‍රාචීන භාෂෝපකාර සංගමය මඟින් පවත්වනු ලබන ප්‍රාරම්භ (උසස් මට්ටමේ) විභාගය.
* ප්‍රාචීන භාෂෝපකාර සංගමය මඟින් පවත්වනු ලබන මධ්‍යම විභාගය.
* ප්‍රාචීන භාෂෝපකාර සංගමය මඟින් පවත්වනු ලබන අවසාන විභාගය.
* අපොස උසස් පෙළ විභාගය සමත් වීම.
* විද්‍යෝදය පිරිවෙනෙහි අවසාන විභාගය.
* විද්‍යාලංකාර පිරිවෙනෙහි අවසාන විභාගය සමත් වීම.
* බුද්ධශ්‍රාවක ධර්ම පීඨයේ ත්‍රිපිටකවේදී අවසාන විභාගය සමත් වීම.
* පිළිගත් විශ්වවිද්‍යාලයක අවසාන විභාගය සමත් වීම.
* භික්ෂු අභ්‍යාස ආයතනයක පුහුණු ගුරු සහතිකය.
* රජයේ ගුරු පුහුණු අභ්‍යාස ආයතනයක පුහුණු ගුරු සහතිකය.
* අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද ගුරු සහතිකය හෝ
* පිළිගත් විශ්වවිද්‍යාලයක අන්තර් මධ්‍ය පරීක්ෂණය හෝ මණ්ඩලය විසින් පිළිගන්නා ලද වෙනත් යම් විභාගයක්.
පිරිවෙන් අධ්‍යාපන පනතේ (1979 අංක 64 දරන) අංක 26-(2)අනුව පරිවේනාචාර්යවරුන් සඳහා අවම අධ්‍යාපන සුදුසුකම් නියම කරන ලද සුදුසුකම් විය යුතුය. ඔවුන් සඳහා විවිධ විෂයයන් සම්බන්ධයෙන් විවිධ සුදුසුකම් පිරිවෙන් නියෝගමාලා අනුව සංශෝධනය වී ඇත. ඒ අනුව,
* ප්‍රාචීන භාෂෝපාකාර සංගමය මගින් පවත්වනු ලබන ප්‍රාරම්භ විභාගයට පත් වීම් ලබා නොදෙයි.
* අ.පො.ස. උසස් පෙළ හා සාමාන්‍ය පෙළ පදනම් කොට ගෙන ගණිතය, ඉංග්‍රීසි හා දෙමළ ඉගැන්වීම සඳහා පරිවේනාචාර්යවරුන් බඳවා ගැනේ.
* බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨය වර්තමානයේ විශ්වවිද්‍යාලයක් වන නිසා ත්‍රිපිටකවේදී උපාධිය එමගින් ප්‍රදානය නොකෙරේ.
* භික්ෂු අභ්‍යාස ආයතන හා ගුරු අභ්‍යාස විද්‍යාල සඳහා පරිවේනාචාර්යවරුන් වශයෙන් බඳවා ගෙන පුහුණුව සඳහා ඔවුන් යොමු කෙරේ.
* පිළිගත් විශ්ව විද්‍යාලයක බාහිර අන්තර් මධ්‍ය පරීක්ෂණ සහතිකය හෝ පිළිගත් විශ්ව විද්‍යාලයක අභ්‍යන්තර හෝ බාහිර අවසාන රීක්ෂණයෙන් පසුව ලබා ගන්නා සහතිකය පදනම් කොට ගෙන පරිවේනාචාර්යවරුන් බඳවා ගැනේ.
(ii) නැත.
(iii) අදාළ නොවේ.
(ආ) (i) අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) තනතුර පුරප්පාඩුව පවතී. සුදුසු අයෙක් බඳවා ගන්නා තුරු වැඩ බලන අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සැලසුම් හා කාර්ය සාධන සමාලෝචන) එස්.යූ. විජේරත්න මහතා කටයුතු කරයි.
(ii) ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය (I)
(iii) ඔව්.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2014-04-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks