පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4216/’13
ගරු තිස්ස අත්තනායක මහතා,— වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වර්ෂ 15ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සේවක පිරිසට ඉඩම් කච්චේරියක් පවත්වා ඉඩම් ලබාදීමට තීරණය කරනු ලැබුවේද;
(ii) එවැනි ඉඩම් කච්චේරියක් සඳහා අයදුම්පත් කැඳවනු ලැබුවේ නම්, එම දිනය කවරේද;
(iii) ඒ අනුව ඉදිරිපත්වී ඇති අයදුම්කරුවන් සංඛ්‍යාව කොපමණද;
(iv) දැනට ඉඩම්ලාභීන් තෝරාගෙන තිබේ නම්, ඔවුන්ගේ නම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පවතින ඉඩම්වලින් එම සේවකයින් සඳහා ඉඩම් ලබාදීමට තීරණය කර ඇති ප්‍රදේශ කවරේද;
(ii) එම අධිකාරියේ සේවකයින්ගෙන් ඉඩම් ලබාදීම සඳහා කිසියම් මුදලක් අයකර තිබේද;
(iii) එසේ නම්, එම ගාස්තු මුදල කොපමණද;
(iv) එකී ගාස්තු මුදල් ගෙවූ අයගේ නම් කවරේද;
(v) දැනට මුදල් කොටස් ගෙවා ඇති සේවකයින්ට ඉඩම් ලබාදෙන දිනය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-03-18
අසන ලද්දේ
ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ප්‍රශ්න අංක ii සිට ප්‍රශ්න අංක iv දක්වා පිළිතුරු පහත වගුවේ දක්වා ඇත.
|
අනු අංක |
කලාපය |
අයදුම්පත් කැඳවූ දිනය (ii) |
අයදුම්කරුවන් සංඛ්‍යාව (iii) |
ඉඩම්ලාභීන් තෝරා ගැනීමේ නාම ලේඛන (iv) |
|
|
ඉදිරිපත් වූ |
තෝරා ගත් |
||||
|
01 |
සී කලාපය |
2003-11-20 |
587 |
382 |
ඇමුණුම - 01 |
|
02 |
බී කලාපය |
2005-09-12 |
337 |
288 |
ඇමුණුම - 02 |
|
03 |
එල් කලාපය |
2003-12- 11 |
57 |
57 |
ඇමුණුම - 03 |
|
04 |
වලව කලාපය |
2003-12-09 2003-12-11 |
1181 |
918 |
ඇමුණුම - 04 |
|
05 |
එච් කලාපය |
2003-08-12 |
621 |
282 |
ඇමුණුම - 05 |
|
06 |
මොරගහකන්ද කලාපය |
2003-11-21 |
91 |
91 |
ඇමුණුම - 06 |
|
|
එකතුව |
|
2874 |
2018 |
|
1-6 දක්වා වූ ඇමුණුම් සභාගත* කරමි.
(ආ) (i) බී කලාපය, එච් කලාපය, වලව කලාපය
(ii) ඔව්.
(iii)
|
අනු අංකය |
කලාපය |
අයකර ඇති මුදල (රුපියල්) |
|
01 |
සී කලාපය |
389,600.00 |
|
02 |
බී කලාපය |
625,309.00 |
|
03 |
එච් කලාපය |
389,200.00 |
|
04 |
වලව කලාපය |
5,333,500.00 |
|
|
එකතුව |
6,737,609.00 |
(iv) ඇමුණුම් අංක 01,02,04 හා 05 මඟින් දක්වා ඇත. (එක් එක් තේරීම්ලාභියා ඉදිරියෙන් අය කර ඇති බදු මුදල් දක්වා ඇත.)
(v) බී හා එච් කලාපවල දැනට බදු මුදල් ගෙවා ඇති අය සඳහා ඉඩම් බැහැර කර ඇත. සී කලාපයෙහි බදු මුදල් ගෙවා ඇති තුන්සිය හැට දෙදෙනෙකු(362) සඳහා දැනටමත් ඉඩම් බැහැර කර ඇත. තේරීම්වල ගැටලුසහගත තත්ත්වයන් ලෙස සැලකෙන, තේරීම්ලාභියෙකු ලෙස තෝරාගෙන ඇතත් තමන්ගේ භාර්යාවට හෝ ස්වාමිපුරුෂයාට රජයේ ඉඩමක් මීට පෙර බැහැර කර ඇති බව අනාවරණය වීම හා රජයේ සේවක ඉඩමක් සඳහා තේරීමක් ලැබීමට පෙර විශේෂ තේරීම් හෝ වෙනත් ඉඩම් කච්චේරියක් මඟින් රජයේ ඉඩම් කොටසක් ලබාගෙන ඇති තේරීම්ලාභීන් විසි දෙනෙකු සඳහා (20) පමණක් ඉඩම් බැහැර කර නොමැත.
වලව කලාපයේ ඉඩම් ලබා දීමට යෝජිත ප්‍රදේශයේ සංවර්ධන කටයුතු නව භෞතික සැලැසුමකට අනුව සිදු කිරීමට තීරණය වී ඇත. මෙම සැලසුම අනුව රජයේ නිලධාරින් සඳහා මහල් නිවාස යෝජනා ක්‍රම සඳහා පමණක් ඉඩම් වෙන් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව දැනටමත් ඉඩම් ලබා ගැනීම සඳහා බදු මුදල් ගෙවා ඇති තුන්සිය හැටදෙදෙනා (362) අතුරින් මහල් නිවාස යටතේ නිවාස ලබා ගැනීමට කැමැති අයට එසේ ලබා දීමටත්, අකමැති අය සඳහා ගෙවා ඇති බදු මුදල් ආපසු ගෙවීමටත් කටයුතු කරනු ලැබේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2014-05-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks