පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4149/’13
ගරු අනුර දිසානායක මහතා,— පරිසර සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කතරගම - තම්මැන්නාව මැණික් ඉඩම් වෙන්දේසි භූමියේ CCTV කැමරා පද්ධතියක් සවිකරනු ලැබුවේද;
(ii) CCTV කැමරා සවිකර තිබූ කාල සීමාව කවරේද;
(iii) එම CCTV කැමරා මිලට ගනු ලැබුවේද;
(iv) නොඑසේ නම්, එම කැමරා ලබා ගත්තේ බදු පදනම මතද;
(v) බදු පදනම මත ගත්තේ නම්, එම CCTV කැමරා ලබා දුන් ආයතනය කවරේද;
(vi) එම කැමරා පද්ධතිය මිලදී ගැනීම හෝ බදු ගැනීම සඳහා අනුගමනය කරනු ලැබූ ක්‍රියා පටිපාටිය කවරේද;
(vii) CCTV කැමරා පද්ධතියක් සවි කර තිබියදී 2012.04.03 දින හෝ ආසන්න දිනකදී තම්මැන්නා භූමියේ ඉල්ලම් පස් රහසිගතව ප්‍රවාහනය කර තිබේද;
(viii) එසේ නම්, එම ඉල්ලම් පස් ප්‍රවාහනය කිරීම CCTV කැමරා පද්ධතියේ පටිගත වී තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-03-05
අසන ලද්දේ
ගරු අනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර හා පුනර්ජනනීය බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අත්හදා බැලීමේ පදනම මත කැමරා පද්ධතියක් සවි කරන ලදී. මෙහිදී dongle මඟින් කොළඹ ප්‍රධාන කාර්යාලයේ සිට පරීක්ෂා කිරීමේ හැකියාව අත්හදා බලන ලදී.
(ii) 2012 මාර්තු මස සිට අප්‍රේල් මස 18 දින දක්වා.
(iii) මිලට ගැනීමක් සිදු කර නැත. අත්හදා බැලීමේ පදනම මත සවි කර ඇත.
(iv) නැත.
(v) ඉහත (iv) පිළිතුර අනුව අදාළ නොවේ.
(vi) ඉහත (iv) පිළිතුර අනුව අදාළ නොවේ.
(vii) 2012.04.11 දින හෝ ඊට ආසන්න දිනකදී ඉල්ලම් පස් රහසිගතව ප්‍රවාහනය කිරීමක් සිදුව ඇත. මෙම සිද්ධියට අදාළව තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක 17433/K යටතේ නඩුවක් විභාග වෙමින් පවතී.
(viii) 2012.04.18 වන දින කතරගමදී පැවැති මූලික පරීක්ෂණය සඳහා අදාළ දත්ත, අත්හදා බැලීමේ පදනම මත සවි කළ CCTV කැමරා පද්ධතියේ සටහන්ව තිබේද යන්න පරීක්ෂා කරන ලදී. මෙම තොරතුරු පටිගතව නොතිබූ බව එහිදී නිරීක්ෂණය වූ බැවින් වහාම CCTV පද්ධතිය ඉවත් කිරීමට කටයුතු කර ඇත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2014-03-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks