01

E   |     |  

 දිනය: 2014-03-05   පිළිතුර ලබා දී ඇත 

4094/2014: Sri Lankan Airlines Ltd - Purchase of new aircrafts

4094/’13

 

ගරු අනුර දිසානායක මහතා,— සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

  (අ)        (i)      2013 වර්ෂය තුළ දී සී/ස ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගම විසින් කවර හෝ වර්ගයක ගුවන්යානා මිලදී ගෙන හෝ  බදු පදනම මත ලබා ගෙන තිබේද;

  (ii)  එම ගුවන්යානා මිලදී ගැනීම් හෝ බදු ගැනීම් සඳහා අනුගමනය කළ ක්‍රමවේදය කවරේද;

  (iii)  ‍මිලදී ගැනීම් හෝ බදු පදනම මත ලබා ගැනීම් සිදුකරනු ලැබූයේ ටෙන්ඩර් කැඳවීමකින් නම්, ඒ සඳහා ඉල්ලුම් කළ ආයතන හා මිල ගණන් කවරේද;

  (iv)  ඉල්ලුම් කළ ආයතන අතරින් තෝරා ගනු ලැබූ ආයතන කවරේද;

  (v)  එම ආයතන තෝරා ගැනීමට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  (i)  ඉහත සඳහන් ගුවන්යානා මිලදී ගැනීම හෝ බදු පදනම මත ලබා ගැනීම වෙනුවෙන් වැය වූ මුළු මුදල කොපමණද;

  (ii)  එම මුදල සපයා ගනු ලැබූ ආකාරය කවරේද;

  (iii)  එම මුදල් ණය මගින් සපයා ගනු ලැබුවේ නම්, එම ණය ප්‍රමාණයන්, පොලී අනුපාතයන් සහ ණය ආපසු ගෙවිය යුතු කාලය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-03-05

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)            නැත.

              (ii)         අදාළ නොවේ.

             (iii)         අදාළ නොවේ.

             (iv)          අදාළ නොවේ.

              (v)         අදාළ නොවේ.

(ආ)         (i)         අදාළ නොවේ.

              (ii)         අදාළ නොවේ.

             (iii)         අදාළ නොවේ.

(ඇ)     පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2014-03-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පියංකර ජයරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks