01

E   |     |  

 දිනය: 2014-03-20   පිළිතුර ලබා දී ඇත 

4051/2014: Bridge across Kalu Ganga

4051/’13

 

ගරු අජිත් කුමාර මහතා,— මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       රත්නපුර, පානදුර පාරේ ඇල්ලගාව සිට දුම්බර මානාන, කැටේපොළ ප්‍රදේශවලට යන මාර්ගයේ කළුගඟ හරහා ඉදිකොට ඇති තාවකාලික පාලම අබලන්වී ඇති බව දන්නේද;

(ii) අබලන්වී පවතින එම පාලම මතින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ හා වෙනත් බර වාහනවලට ගමන් කිරීමට ඉඩහැර තිබීමට හේතුව කවරේද;

(iii) එම අබලන් පාලම භාවිතා කිරීමේදී සිදුවිය හැකි අනතුරක වගකීම භාර ගන්නේ කවුරුන්ද;

(iv) එම පාලම අබලන් බවටත්, වාහන ගමනාගමනය අනතුරුදායක බවටත් දැනුවත් කර දැන්වීම් පුවරු සවිකර තිබීම  ප්‍රමාණවත් නොවන බව දන්නේද;

(v) එසේ නම්, එම තාවකාලික පාලම වෙනුවට ස්ථිර පාලමක් ඉදිකරන්නේද;

(vi) එසේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-03-20

අසන ලද්දේ

ගරු ගරු අජිත් කුමාර මහතා, පා.ම.,  මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග, වරාය හා නාවික

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks