01

E   |     |  

 දිනය: 2013-12-17   පිළිතුර ලබා දී ඇත 

3964/2013: යුද්ධය නිසා අනාථ වූ ළමුන් සහ වැන්දඹුභාවයට පත් කාන්තාවන් : පුනරුත්ථාපනය

3964/’13

ගරු පී. හැරිසන් මහතා,— ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල පැවති යුද්ධය හේතුවෙන්,

              (i)      අනාථ වී ඇති ළමුන් සංඛ්‍යාව කොපමණද;

             (ii)      පුනරුත්ථාපනය කිරීම සඳහා ආරම්භ කර ඇති වැඩසටහන් කවරේද;

(iii) වැන්දඹුභාවයට පත් වී ඇති කාන්තාවන්ගේ සහ අනාථභාවයට පත් වී ඇති දරුවන්ගේ පුරුත්ථාපන කටයුතු සඳහා 2013 අයවැයෙන් වෙන් කළ මුදල කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2013-12-17

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      අදාළ නොවේ.

              (ii)      අදාළ නොවේ.

             (iii)      අදාළ නොවේ.

(ආ)      ඉහත අසා ඇති ප්‍රශ්නය ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය යටතට අයත් නොවන බැවිනි.

           කෙසේ වෙතත් මෙම අමාත්‍යාංශය මඟින් පහත සඳහන් කාර්යයන් උතුරු නැ‍‍‍‍ඟෙනහිර පළාත්වල වාසය කරන ළමුන්ගේ සහ කාන්තාවන්ගේ අභිවෘද්ධිය සඳහා ක්‍රියාත්මක කොට ඇත.

           උතුරු පළාත් ළමා සහ කාන්තා කටයුතු පුළුල්ව විධිමත්ව හා මනා සම්බන්ධීකරණයකින් යුතුව ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ ළමා සහ කාන්තා සංවර්ධන ඒකක පිහිටුවීමටත් පවත්නා ඇබෑර්තු සම්පූර්ණ කිරීමටත් කටයුතු කර ඇත. එම ප්‍රදේශවල  සේවය කරන වනිතා සංවර්ධන නිලධාරින්ගේ රාජකාරි ක්ෂේත්‍ර ගමන් අවශ්‍යතා විශේෂ කොට සලකා යතුරු පැදි පවා ලබා දී ඇත.

යුද්ධය නිසා භාරකරුවන් නොමැතිව අනාථ භාවයට පත් වූ ළමුන්ට හා මව හෝ පියා භාරයේ පසුවන ළමුන්ට ආධාර කිරීම සඳහා 'සුරක්නා' යන වැඩසටහන ආරම්භ කර ඇත. මේ යටතේ ළමුන්ගේ භාරකාරත්වය සඳහා ඥාතියකු හඳුනා ගන්නා අතර, එම ඥාතියාට ළමුන්ගේ සුභසිද්ධිය සඳහා රු.750/-ක මාසික මූල්‍යාධාරයක් සපයනු ලැබේ. මෙමඟින් ළමුන් අඛණ්ඩව පාසැල් යැවීම අපේක්ෂා කෙරෙන අතර පාසල් බලධාරින් සමඟ කටයුතු කරමින් මෙවැනි ළමුන් පාසලට පැමිණීම අධීක්ෂණය කරනු ලැබේ.

මෙම වැඩසටහනේ ප්‍රතිලාභීන් පිළිබඳ විස්තර පහත දැක්වේ.

කාන්තා කටයුතු සම්බන්ධයෙන් මෙම අමාත්‍යාංශය වෙත වෙන් කර ඇති ප්‍රතිපාදනවලින් රු. මිලියන 3.44ක් 2013 වසරේදී උතුරු නැ‍ඟෙනහිර ප‍ළාත්වල යුද්ධය නිසා වැන්දඹුභාවයට පත් කාන්තාවන්ගේ පුනරුත්ථාපන කටයුතු සඳහා යොදවා ඇත. එම වැඩසටහන් පහතින් දැක්වේ.

01 වැන්දඹු කාන්තාවන් සඳහා ස්වයං රැකියා ආධාර ලබා දීම.

02. වැන්දඹු තත්ත්වයට පත් අඩු ආදායම්ලාභී ගෘහ මූලික කාන්තාවන්ගේ ආර්ථික තත්ත්වය නඟා සිටුවීම සඳහා ඔවුන් ස්වයංරැකියා ගැන්වීමට උපරිමය රු.20,000/-ක පොලී රහිත සහන ණය මුදලක්, වාරික 12කින් ආපසු අය කර ගැනීම හා එය චක්‍රීයව ක්‍රියාත්මක කිරීම.

* දැනටමත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මඟින් යුද්ධය නිසා සිදු වූ ජීවිත හා දේපොළ හානි පිළිබඳව දීප ව්‍යාප්තව ගණනය කිරීම සඳහා සංගණනයක් අරඹා තිබෙන බව ද වැඩිදුරටත් දන්වමි.

පිළිතුරු දුන් දිනය

2013-12-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු තිස්ස කරල්ලියද්ද මහතා, පා.ම. මහතා, පා.ම.

© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks