පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3942/’13
ගරු අනුර දිසානායක මහතා,— ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2011 ජුනි සිට 2012 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබා ගෙන ඇති ණය ප්‍රමාණය කොපමණද;
(ii) පසුගිය වර්ෂ 5 තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ණය ලබා ගෙන ඇති ආයතන වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) අද වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මුළු ණය ප්‍රමාණය කොපමණද;
(iv) එම ණය ගෙවීමට ඇති ආයතන කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පසුගිය වර්ෂ 5 තුළදී,
(i) ණය වෙනුවෙන් ගෙවන ලද පොලී ප්‍රමාණයන් වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ණය වෙනුවෙන් ගෙවා ඇති මුළු පොලී ප්‍රමාණය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-01-23
අසන ලද්දේ
ගරු අනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඛනිජ තෙල් කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) රුපියල් බිලියන 631යි.
(ii)
|
වර්ෂය |
ණය ලබාගෙන ඇති ආයතන |
|
2008 |
මහජන බැංකුව, ලංකා බැංකුව |
|
2009 |
මහජන බැංකුව, ලංකා බැංකුව |
|
2010 |
මහජන බැංකුව, ලංකා බැංකුව |
|
2011 |
මහජන බැංකුව, ලංකා බැංකුව, ජාතික ඉරාන තෙල් සමාගම |
|
2012 |
මහජන බැංකුව, ලංකා බැංකුව |
(iii) රුපියල් බිලියන 447කි.
(iv) මහජන බැංකුව
ලංකා බැංකුව
ජාතික ඉරාන තෙල් සමාගම
මහා භාණ්ඩාගාරය (2007ට පෙර ලබා ගත් ණයකි.)
(ආ) (i)
|
වර්ෂය |
ගෙවන ලද පොලිය (රුපියල් මිලියන) |
|
2008 |
3,163.20 |
|
2009 |
4,217.49 |
|
2010 |
3,430.92 |
|
2011 |
6,051.76 |
|
2012 |
17,894.53 |
(ii) රුපියල් බිලියන 35කි.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2014-03-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks