පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3936/’13
ගරු අජිත් කුමාර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අභ්‍යාසලාභී ගුරු පුහුණු අවසන් පරීක්ෂණය අවසන් වතාවට පවත්වන ලද වර්ෂය කවරේද;
(ii) විවිධ හේතු මත අවසන් පරීක්ෂණයට ඉදිරිපත් වීමට නොහැකි වූ හා ඒ නිසා පුහුණු සහතිකය නොලැබුණු අභ්‍යාසලාභී ගුරුවරු සංඛ්‍යාව කොපමණද;
(iii) උක්ත ගුරුවරුන් උදෙසා විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන්නේද;
(iv) එසේ නම්, එම දින වකවානු කවරේද;
(v) ඉහත (iii)හි සඳහන් පරිදි කටයුතු නොකරන්නේ නම්, එකී අභ්‍යාසලාභී පුහුණු සහතික නොලත් ගුරුවරුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-12-13
අසන ලද්දේ
ගරු ගරු අජිත් කුමාර මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ගුරු විද්‍යාලවල දෑවුරුදු අභ්‍යන්තර ගුරු පුහුණු පාඨමාලාව - 2010/2011 -2012.09.20 සිට 24 දක්වා
උපාධිධාරි නොවන නුපුහුණු ගුරුවරුන් පුහුණු කිරීමේ සතිඅන්ත ගුරු පුහුණු පාඨමාලාව - 2010/2012 2012.09.20 සිට 24 දක්වා
(ii) 2010 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ජාතික අධ්‍යාපන ආයතනය මඟින් ආරම්භ කරන ලද උපාධිධාරි නොවන නුපුහුණු ගුරුවරුන් පුහුණු කිරීමේ සති අන්ත ගුරු පුහුණු පාඨමාලාවේ අවසන් විභාගයට ගුරු සිසුන් 7,030ක්ද, 2010/2011 අධ්‍යයන වර්ෂයට ගුරු විද්‍යාලවල දෑවුරුදු අභ්‍යන්තර ගුරු පුහුණු පාඨමාලාවට ගුරු සිසුන් 600ක්ද බඳවා ගෙන ඇති අතර, ඒ අතුරින් ගුරු සිසුන් 650ක් පමණ නොයෙක් අපහසුතා නිසා අවසන් පරීක්ෂණයට ඉදිරිපත් වී නොමැති බැවින් පුහුණු ගුරු සහතිකය ලබා නොමැත.
(iii) ඔව්. පරික්ෂණයක් පැවැත‍්වේ.
(iv) ගුරු විද්‍යාලවල දෑවුරුදු අභ්‍යන්තර ගුරු පුහුණු පාඨමාලාවේ අවසන් පරීක්ෂණයේ ඌන සාමාර්ථලාභීන්ට සහ මෙම ගුරු පුහුණු පාඨමාලාව සම්පූර්ණ කරන ලද, එහෙත් අවසන් පරීක්ෂණයට පෙනී නොසිටි ගුරු සිසුන්ට 2012/2014 අධ්‍යයන වර්ෂයට අදාළ අවසන් පරීක්ෂණය පැවැත්වෙන අවස්ථාවේදී විභාගය සමත් වීමෙන් අනතුරුව පුහුණු ගුරු සහතිකය ලබා ගත හැක.
උපාධිධාරි නොවන නුපුහුණු ගුරුවරුන් පුහුණු කිරීමේ සතිඅන්ත ගුරු පුහුණු පාඨමාලාව - 2010/2012 ඌන සාමාර්ථලාභීන්ට සහ මෙම ගුරු පුහුණු පාඨමාලාව සම්පූර්ණ කරන ලද, එහෙත් අවසන් පරීක්ෂණයට පෙනී නොසිටි ගුරු සිසුන්ට 2014 වර්ෂයේ ගුරු විද්‍යාලවල අවසන් පරීක්ෂණය පැවැත්වෙන අවස්ථාවේදී විභාගය සමත් වීමෙන් අනතුරුව පුහුණු ගුරු සහතිකය ලබා ගත හැක.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ජාතික අධ්‍යාපන ආයතනය මඟින් 1984 සිට 2006 වසර දක්වා වරින් වර පවත්වන ලද ගුරු පුහුණු පාඨමාලාවල ඌන සාමාර්ථලාභී, විභාගයට පෙනී නොසිටි දැනට සේවයේ යෙදී සිටින ගුරු සිසුන් වෙනුවෙන් පමණක් 2013 ජනවාරි මස පැවැත්වීමට යෝජිත සම්මන්ත්‍රණය සහ විශේෂ විභාගය සමත් වීමෙන් අනතුරුව ජාතික අධ්‍යාපන ආයතනය මඟින් පුහුණු ගුරු සහතිකය නිකුත් කිරීමට කටයුතු සකස් කර ඇත.
(v) ගුරු විද්‍යාල අවසන් පරීක්ෂණය නැවත 2014 වර්ෂයේ පැවැත්වෙන අවස්ථාවේදී අභ්‍යාසලාභී පුහුණු සහතික නොලත් ගුරුවරුන් විභාගය සම්පූර්ණ කර ගත යුතු වේ.
(ආ) විභාගයක් පැවැත්වේ.
පිළිතුරු දුන් දිනය
2013-12-13
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks