01

සි   |     |  

 Date: 2013-12-13   Answered 

3936/2013: TRAINEE TEACHERS' FINAL EXAMINATION: CERTIFICATE

3936/’13

Hon. Ajith Kumara,— To ask the Minister of Education,—

(a) Will he state—

(i) the year in which the Trainee Teachers’ Training Final Examination was held last;

(ii) the number of trainee teachers who have not been able to sit the final examination for various reasons and have not received the trained certificate;

(iii) whether action will be taken to hold a special examination for those teachers;

(iv) if so, when; and

(v) if action will not be taken as per (iii) above, what measures will be adopted in respect of the said trainee teachers who have not secured trained certificates?

(b) If not, why?

 

Asked Date

2013-12-13

Asked by

Hon. AJITH KUMARA, M.P.,, M.P.

Ministry

Education

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      ගුරු විද්‍යාලවල දෑවුරුදු අභ්‍යන්තර ගුරු පුහුණු පාඨමාලාව - 2010/2011 -2012.09.20 සිට 24 දක්වා

                         උපාධිධාරි නොවන නුපුහුණු ගුරුවරුන් පුහුණු කිරීමේ සතිඅන්ත ගුරු පුහුණු පාඨමාලාව - 2010/2012 2012.09.20 සිට 24 දක්වා

              (ii)      2010 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ජාතික අධ්‍යාපන ආයතනය මඟින් ආරම්භ කරන ලද උපාධිධාරි නොවන නුපුහුණු ගුරුවරුන් පුහුණු කිරීමේ සති අන්ත ගුරු පුහුණු පාඨමාලාවේ අවසන් විභාගයට ගුරු සිසුන් 7,030ක්ද, 2010/2011 අධ්‍යයන වර්ෂයට ගුරු විද්‍යාලවල දෑවුරුදු අභ්‍යන්තර ගුරු පුහුණු පාඨමාලාවට ගුරු සිසුන් 600ක්ද බඳවා ගෙන ඇති අතර, ඒ අතුරින් ගුරු සිසුන් 650ක් පමණ නොයෙක් අපහසුතා නිසා අවසන් පරීක්ෂණයට ඉදිරිපත් වී නොමැති බැවින් පුහුණු ගුරු සහතිකය ලබා නොමැත.

(iii) ඔව්. පරික්ෂණයක් පැවැත‍්වේ.

(iv) ගුරු විද්‍යාලවල දෑවුරුදු අභ්‍යන්තර ගුරු පුහුණු පාඨමාලාවේ අවසන් පරීක්ෂණයේ ඌන සාමාර්ථලාභීන්ට සහ මෙම ගුරු පුහුණු පාඨමාලාව සම්පූර්ණ කරන ලද, එහෙත් අවසන් පරීක්ෂණයට පෙනී නොසිටි ගුරු සිසුන්ට 2012/2014 අධ්‍යයන වර්ෂයට අදාළ අවසන් පරීක්ෂණය පැවැත්වෙන අවස්ථාවේදී විභාගය සමත් වීමෙන් අනතුරුව පුහුණු ගුරු සහතිකය ලබා ගත හැක.

උපාධිධාරි නොවන නුපුහුණු ගුරුවරුන් පුහුණු කිරීමේ සතිඅන්ත ගුරු පුහුණු පාඨමාලාව - 2010/2012 ඌන සාමාර්ථලාභීන්ට සහ මෙම ගුරු පුහුණු පාඨමාලාව සම්පූර්ණ කරන ලද, එහෙත් අවසන් පරීක්ෂණයට පෙනී නොසිටි ගුරු සිසුන්ට 2014 වර්ෂයේ ගුරු විද්‍යාලවල අවසන් පරීක්ෂණය පැවැත්වෙන අවස්ථාවේදී විභාගය සමත් වීමෙන් අනතුරුව පුහුණු ගුරු සහතිකය ලබා ගත හැක.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ජාතික අධ්‍යාපන ආයතනය මඟින් 1984 සිට 2006 වසර දක්වා වරින් වර පවත්වන ලද ගුරු පුහුණු පාඨමාලාවල ඌන සාමාර්ථලාභී, විභාගයට පෙනී නොසිටි දැනට සේවයේ යෙදී සිටින ගුරු සිසුන් වෙනුවෙන් පමණක් 2013 ජනවාරි මස පැවැත්වීමට යෝජිත සම්මන්ත්‍රණය සහ විශේෂ විභාගය සමත් වීමෙන් අනතුරුව ජාතික අධ්‍යාපන ආයතනය මඟින් පුහුණු ගුරු සහතිකය නිකුත් කිරීමට කටයුතු සකස් කර ඇත.

(v) ගුරු විද්‍යාල අවසන් පරීක්ෂණය නැවත 2014 වර්ෂයේ පැවැත්වෙන අවස්ථාවේදී අභ්‍යාසලාභී පුහුණු සහතික නොලත් ගුරුවරුන් විභාගය සම්පූර්ණ කර ගත යුතු වේ.

(ආ) විභාගයක් පැවැත්වේ.

Answered Date

2013-12-13

Answered by

Hon. (Dr.) Bandula Gunawardana, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks