පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3913/’13
ගරු පී. හැරිසන් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) උතුරු මැද පළාතේ,
(i) වර්ෂ 2005-2012 කාල සීමාව තුළ මියගිය සමස්ත පිළිකා රෝගීන් සංඛ්‍යාව;
(ii) එක් එක් රෝහලේදී මිය ගිය එම රෝගීන් සංඛ්‍යාව;
(iii) රජයේ රෝහල්වලින් දැනට ප්‍රතිකාර ලබන සමස්ත පිළිකා රෝගීන් සංඛ්‍යාව;
(iv) එක් එක් රජයේ රෝහලේ ප්‍රතිකාර ගනු ලබන එම රෝගීන් සංඛ්‍යාව;
කොපමණද යන්න එතුමා වෙන් වෙන් වශයෙන් මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) උතුරු මැද පළාතේ පිළිකා රෝගීන් සඳහා ප්‍රමාණවත් තරම් ඖෂධ තිබේද;
(ii) එම පළාතේ පිළිකා රෝගීන් සීඝ්‍රයෙන් වැඩිවී ඇති බව පිළිගන්නේද;
(iii) එසේ නම්, එයට හේතු කවරේද;
(iv) එම හේතු වැළැක්වීමට ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද ?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-05-22
අසන ලද්දේ
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2005 - 2012 දක‍්වා
අනුරාධපුර දිස්ත්‍රික්කය 1206
පොළොන්නරුව දිස්ත්‍රික්කය 211
(ii) අනුරාධපුර ශික්ෂණ රෝහල 1168
පොළොන්නරුව මහ රෝහල 190
තඹුත්තේගම මූලික රෝහල 21
පදවිය මූලික රෝහල 08
කැකිරාව ප්‍රාදේශීය රෝහල 02
කහටගස්දිගිලිය ප්‍රාදේශීය රෝහල 02
කැබිතිගොල්ලෑව මූලික රෝහල 02
මැදවච්චිය ප්‍රාදේශීය රෝහල 01
මැදිරිගිරිය මූලික රෝහල 14
හිඟුරක‍්‍ගොඩ ප්‍රාදේශීය රෝහල 05
බකමූණ රෝහල 02
(iii) ප්‍රතිකාර ලබන සමස්ත පිළිකා රෝගීන් සංඛ්‍යාව
අනුරාධපුර දිස්ත්‍රික්කය 911
පොළොන්නරුව දිස්ත්‍රික්කය 118
(iv) අනුරාධපුර ශික්ෂණ රෝහල 899
අනුරාධපුර ප්‍රාදේශීය රෝහල 12
පොළොන්නරුව මහ රෝහල 112
පොළොන්නරුව ප්‍රාදේශීය රෝහල 06
(ආ) (i) ඔව්.
(ii) මෙම පළාතේ පිළිකා රෝගීන් මඳ වශයෙන් වැඩි වී තිබේ.
(iii) වයස්ගත ජනගහනය වැඩි වීමද, පිළිකා රෝග නිශ්චය කිරීමේ ව්‍යාධිවේද හා විකිරණ පරීක්ෂණ පහසුකම් වැඩිදියුණු වීමද, පිළිකා රෝගී ලේඛන පවත්වා ගෙන යාමේ ක්‍රමවේදය ශක්තිමත් වීමද එම රෝගීන් වැඩියෙන් වාර්තා වීමට හේතු වී ඇත.
(iv) - පියයුරු පිළිකා සහ ගැබ්ගෙල පිළිකා කල් ඇතිව හඳුනා ගැනීම සඳහා දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස මට්ටමෙන් සුවනාරි සායන පවත්වාගෙන යාම.
- සෞඛ්‍ය කාර්ය මණ්ඩල පිළිකා පාලන කටයුතු සඳහා පුහුණු කිරීම.
- මුඛ පිළිකා වැළැක්වීම සඳහා සෞඛ්‍ය ආරක්ෂිත දැහැත් වට්ටිය හඳුන්වා දීම.
- දුම්බීම හා මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීමට ගාස්තු රහිත ඇමතුම් ඒකකය ස්ථාපිත කිරීම හා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
- වසවිෂ සහිත ආහාර පාලනය කිරීම සඳහා ප්‍රජාව දැනුවත් කිරීම.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2014-05-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු ලලිත් දිසානායක මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks