පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3906/’13
ගරු රෝසි සේනානායක මහත්මිය,— පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මුලතිව් දිස්ත්‍රික්කයට අයත්, මුහුදුබඩ පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, “කුලාරිප්පු” වන රක්ෂිතය, මාන්කුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ “මට්ටු සුඩාන්” රජයේ වනාන්තරය සහ මන්නාරම දිස්ත්‍රික්කයේ මුසලි, මඩු හා මාන්තායි බටහිර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනට අයත් වන රක්ෂිතවල අක්කර විශාල ප්‍රමාණයක් එළිපෙහෙළි කරමින් පවතින්නේද;
(ii) ඉහත එක් එක් වනාන්තර භූමියෙන් මේ වන විට එළිපෙහෙළි කර ඇති බිම් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම වනාන්තර භූමි ප්‍රදේශ එළිකිරීමේ අරමුණු වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-02-07
අසන ලද්දේ
ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
පරිසර හා පුනර්ජනනීය බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශිත වන රක්ෂිත තුළ විශාල ප්‍රමාණයේ එළි පෙහෙළි කිරීම් සිදු කර නොමැත.
(ii) මුලතිව් දිස්ත්‍රික්කයට අයත් මුහුදුබඩ පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ "කුලාමුරිප්පු" වන රක්ෂිතයේ අක්කර 5ක පමණ ප්‍රදේශයක් අනවසරයෙන් එළි කිරීම හේතුවෙන් 10 දෙනෙකුට විරුද්ධව 2012 වර්ෂයේ දී ද, අක්කර 1ක පමණ ප්‍රදේශයක් අනවසරයෙන් එළි කිරීම හේතුවෙන් 4 දෙනෙකුට විරුද්ධව 2013 වර්ෂයේ දී ද නඩු පවරා ඇත. හෙක්ටයාර 25.0ක (අක්කර 62.5ක) තේක්ක වගා 2013 වර්ෂයේදී හෙළීම් සඳහා රාජ්‍ය දැව සංස්ථාවට බාර දී එම භූමිය තුළ නැවත වන වගා කොට ඇත.
මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්කුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ "ඔඩ්ඩුසුඩාන්" රජයේ කැලය තුළ A9 මාර්ගය හා මාන්කුලම් - යාපනය දුම්රිය මාර්ගය අතර ලඳු කැලෑ ප්‍රදේශයෙන් අක්කර 148ක් අවතැන් වූ මුස්ලිම් ජනතාවට පදිංචි වීම සඳහා ඉල්ලුම් කර ඇතත්, මේ දක්වා ඉඩම් නිදහස් කිරීමක් හෝ එළි කිරීමක් සිදු වී නොමැත. කරුවේලන්කණ්ඩල් ප්‍රදේශයේ අක්කර 1/4ක් පමණ අනවසර එළි කිරීමක් සම්බන්ධයෙන් එක් අයෙකුට විරුද්ධව මෙම වර්ෂයේ දී නඩු පවරා ඇත.
මන්නාරම් දිස්ත්‍රික්කයේ මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මරිචිඩුකඩ්ඩි රක්ෂිතයේ පලායිකුලි හෙක්ටයාර 40ක් ද, මරිචිඩුකඩ්ඩි හෙක්ටයාර 40ක්ද, කරඩික්කුලි හෙක්ටයාර 32ක්ද, සිලාවතුර ප්‍රදේශයේ හෙක්ටයාර 308ක්ද, මාවිල්ලු රක්ෂිතයේ පිච්චායි ප්‍රදේශයේ හෙක්ටයාර 260ක්ද, මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මඩු රක්ෂිතයේ කාක්කායන්කුලම් හෙක්ටයාර 200ක්ද, මාන්තෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙරියමඩු රක්ෂිතයේ සන්නාර් හෙක්ටයාර 120ක් ද වශයෙන් යුද්ධය නිසා අවතැන් වූවන් පදිංචි කරවීම පිණිස අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ඉඩම් නිදහස් කර ඇත. එම ඉඩම්වල එළි කිරීම් සිදු වෙමින් පැවතුණ ද, එයට පරිබාහිර ඉඩම් එළි කිරීම් සිදු වී නොමැත.
(iii) ඉහත වන රක්ෂිතය තුළ සිදු කරන ලද අනවසර හෙළි කිරීම් සඳහා මේ වන විට නීතිමය ක්‍රියා මාර්ග ගෙන ඇත.
මුලතිව් දිස්ත්‍රික්කයේ "කුලාමුරිප්පු" වන රක්ෂිතයේ හෙක්ටයාර 25.0ක තේක්ක වගා හෙළීම් සඳහා රාජ්‍ය දැව සංස්ථාවට බාර දී ඇති අතර එම භූමි ප්‍රමාණය තුළ නැවත වන වගා සිදු කර ඇත.
මන්නාරම් දිස්ත්‍රික්කයේ මුසලි, මඩු සහ මාන්තෙයි බටහිර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පිහිටි වන රක්ෂිත තුළ අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිදහස් කරන ලද ඉඩම්, ඉඩම් කච්චේරි පවත්වමින් යුද්ධය නිසා අවතැන්වුවන් පදිංචි කරවීම පිණිස හෙළි කරමින් පවතී.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2014-07-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks