E   |     |  

 දිනය: 2014-07-24   පිළිතුර ලබා දී ඇත 

3834/2014: ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය: දූෂණ චෝදනා

3834/’13

 

ගරු බුද්ධික පතිරණ මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)       ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ 2013.03.19 දින වන විට සිටි සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්ගේ නම්, ලිපිනයන්, අධ්‍යාපන හා වෙනත් සුදුසුකම්, වැටුප් හා වෙනත් වරප්‍රසාද වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කර ඇති ඇතැම් අය විවිධ චෝදනාවලට ලක් වී ඇති පුද්ගලයින් බවත්;

(ii) ඇතැම් අධ්‍යක්ෂවරුන්ට එරෙහිව කම්කරු කොමසාරිස් කාර්යාලයේ නඩු විභාගවෙමින් පවතින බවත්;

(iii) ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සේවය සඳහා දූෂණ චෝදනා ලැබ සිටි නිලධාරීන් පිරිසක් බඳවා ගෙන සිටින බවත්;

එතුමා දන්නෙහිද?

(ඇ) (i) ඉහත (ආ) හි සඳහන් තත්ත්වයන් නිසා මුළු මහත් රක්ෂණ සංස්ථාවම අපකීර්තියට සහ අගාධයට වැටෙමින් පවතින බව පිළිගන්නේද;

(ii) එසේ නම්, එම තත්ත්වය වැළැක්වීම සඳහා විවිධ චෝදනා ලබා ඇති අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් හා දූෂිත නිලධාරීන් එම සංස්ථාවේ සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-07-24

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල් හා ක්‍රමසම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්. ඇමුණුම 01හි දක්වා ඇත. එම ඇමුණුම සභාගත* කරමි.

(ආ)         (i)      වාර්තා වී නැත.

              (ii)      වාර්තා වී නැත.

            (iii)      ඉහත (ආ) අනුව පැන නොනඟී.

(ඇ)         (i)      නැත. 

                        ව්‍යාපාර වර්ධනයන් සමඟ ජීවිත රක්ෂණය සහ සාමාන්‍ය රක්ෂණ අංශයන් සඳහා බදු පසු ඒකාබද්ධ ලාභය 2011 වර්ෂයේ දී රුපියල් මිලියන 4, 214ක් වූ අතර,  2012 වර්ෂයේ දී රුපියල් මිලියන 4, 235ක් දක්වා වර්ධනය විය. 2013 වර්ෂයේ දී එම තත්ත්වය තවදුරටත් වර්ධනය කර ගනිමින් බදු පසු ලාභය රුපියල් මිලියන 4, 655 දක්වා වැඩි කරගෙන ඇත. 2012 වර්ෂයේ දී රක්ෂණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ වාර්තා වූ දත්ත අනුව රථ වාහන රක්ෂණය සඳහා සියයට 24.5ක ව්‍යාපාරික කොටසක් අත්පත් කර ගනිමින්                ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මෝටර් රථ රක්ෂණ ව්‍යාපාර අංශයේ ප්‍රමුඛයා බවට පත් විය. එලෙසම ජීවිත රක්ෂණය සඳහා අඛණ්ඩ ශක්තිමත් වර්ධනයක් පෙන්වන ලද අතර 2012 වර්ෂයේ දී නුබුන්වත් අනුපාතය සියයට 11.01දක්වා වර්ධනය විය.

(ii) පැන නොනඟී.

(ඈ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2014-07-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks