පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3828/’13
ගරු පී. හැරිසන් මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාව තුළ මේ වන විට මත්පැන් අලෙවි කිරීම සඳහා ලබා දී ඇති බලපත්‍ර සංඛ්‍යාව කොපමණද;
(ii) එම මත්පැන් බලපත්‍ර සංඛ්‍යාව වෙළෙඳසැල්, හෝටල් හා වෙනත් ආයතන අනුව, වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) 1994 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්වා කාල සීමාව තුළ වාර්ෂිකව අලුතින් ලබාදී ඇති මත්පැන් බලපත්‍ර සංඛ්‍යාව කොපමණද;
(ii) වර්ෂ 2005 - 2012 කාල සීමාව තුළ ෆුඩ් සිටි වෙළඳසැල්, සතොස වෙළඳසැල්, හෝටල් හා අනෙකුත් වෙළඳසැල් සඳහා අලුතින් නිකුත්කර ඇති මත්පැන් බලපත්‍ර සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) දැනට ලබාදී ඇති මත්පැන් අලෙවි බලපත්‍ර සංඛ්‍යාව දිස්ත්‍රික්ක අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම බලපත්‍ර ලබාදීම තුළින් රජයට ලැබෙන ආදායම දිස්ත්‍රික්ක අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) රටබීම අලෙවි බලපත්‍ර ලබාදීම, ගම්බද නීති විරෝධී මත්පැන් පානය අඩුවීමට හේතුවී තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-07-10
අසන ලද්දේ
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල් හා ක්‍රමසම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මත්පැන් අළෙවි කිරීම සඳහා අතීතයේ සිට විවිධ කාලයන්හි ලබා දී ඇති, මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බලපත්‍ර සංඛ්‍යාව 2,963කි.
(ii) රට බීම තොග වෙළෙඳ බලපත්‍ර (ර.බී. 3) 50
රා විකුණන වතු ආපනශාලා 07
රට බීම සිල්ලරට විකිණීමේ බලපත්‍ර (ර.බී.) 1,085
රට බීම තැබෑරුම් 14
හෝටල් බලපත්‍ර (ර.බී.7) 715
දුම්රිය ස්ථානවල බීමශාලා සහ
දුම්රිය මැදිරිවල - බීමශාලා 01
ආපනශාලා (ර.බී.) 522
තානායම් (ර.බී.12) 48
සමාජශාලා (ර.බී. 13 A) 83
විනෝද පීඨිකා බලපත්‍ර (ර.බී. 9) 48
විශේෂ බලපත්‍ර 390
මුළු එකතුව 2,963
(ආ) (i) වර්ෂය අලුතෙන් ලබා දී ඇති බලපත්‍ර සංඛ්‍යාව
1994 330
1995 61
1996 -
1997 449
1998 137
1999 424
2000 225
2001 170
2002 -
2003 185
2004 203
2005 132
2006 35
2007 42
2008 36
2009 40
2010 51
2011 41
2012 55
(ii)
වර්ෂය ෆුඩ්සිටි ස.තො.ස හෝටල් සහ එකතුව
වෙළෙඳ වෙළෙඳ අනෙකුත්
සැල් සැල් වෙළෙඳ
සැල්
2005 24 1 107 132
2006 නැත නැත 35 35
2007 නැත නැත 42 42
2008 නැත නැත 36 36
2009 නැත නැත 40 40
2010 නැත නැත 51 51
2011 නැත නැත 41 41
2012 නැත නැත 55 55
(ඇ) (i) ඇමුණුම බලන්න..
(ii)
|
දිස්ත්‍රික්කය |
2013 වර්ෂයේ විදේශ මත්පැන් බලපත්‍රවලින් ලද අදායම (රු. මිලියන) |
|
කොළඹ |
152.3 |
|
ගම්පහ |
72.2 |
|
කලුතර |
21.4 |
|
මහනුවර |
46.0 |
|
මාතලේ |
08.6 |
|
නුවරඑළිය |
52.4 |
|
ගාල්ල |
36.6 |
|
මාතර |
17.4 |
|
හම්බන්තොට |
09.5 |
|
යාපනය |
09.9 |
|
මන්නාරම |
01.2 |
|
වවුනියාව |
03.9 |
|
මුලතිව් |
0.00 |
|
කිලිනොච්චිය |
0.87 |
|
මඩකලපුව |
10.1 |
|
අම්පාර |
05.2 |
|
ත්‍රිකුණාමලය |
07.1 |
|
කුරුණෑගල |
21.1 |
|
පුත්තලම |
10.0 |
|
අනුරාධපුර |
17.9 |
|
පොළොන්නරුව |
07.4 |
|
බදුල්ල |
21.3 |
|
මොනරාගල |
08.1 |
|
රත්නපුර |
18.7 |
|
කෑගල්ල |
13.9 |
|
එකතුව |
574.2 |
(iii) වෙළෙඳ පොළ ක්‍රියාකාරිත්වය අනුව නීත්‍යනුකූල මත්පැන් බහුලවීම තුළින් නීති විරෝධී මත්පැන් පානය අඩු විය හැක. එසේ වුවද, මෙම අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධයෙන් සමාජ සමීක්ෂණයක් සිදු කර නොමැති බැවින් නිශ්චිත පිළිතුරක් ලබා දිය නොහැක.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2016-07-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks