01

E   |     |  

 දිනය: 2014-03-07   පිළිතුර ලබා දී ඇත 

3825/2014: වායුසමනය කළ ඖෂධ වෙළඳ සැල් : ඹෟෂධ ගබඩා

3825/’13

 

ගරු පී. හැරිසන් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      ශ්‍රී ලංකාවේ සියලුම ඖෂධ වෙළඳ සැල් වායුසමනය කර තිබේද;

            (ii)      නොඑසේ නම්, මේ වන විටත් වායුසමනය නොකරන ලද එම වෙළඳ සැල් පවත්වාගෙන යෑමට හේතු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  (i)  ශ්‍රී ලංකාවේ සියලුම රෝහල්වල පවතින ඖෂධ ගබඩා වායුසමනය කර තිබේද;

  (ii)  නොඑසේ නම්, එයට හේතු කවරේද;

  (iii)  සියලුම ඖෂධ වර්ග වායුසමනය කළ ස්ථානවල ගබඩා කිරීම අත්‍යාවශ්‍යවේද;

  (iv)  නොඑසේ නම්, ගබඩා කිරීමේදී වායුසමනය කිරීමක් අත්‍යවශ්‍ය නොවන ඖෂධ  වර්ග කව‍රේද;

  (v)  එවැනි ඖෂධවල කල් ඉකුත්වීම් කාල සීමාවක් නොපවතින්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-03-07

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      වායුසමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මකව පවත්වා නොගන්නා ඖෂධශාලා පිළිබඳව වාර්තා වී ඇත.  එසේම, වායුසමීකරණය නොකර පවත්වාගෙන යන ඖෂධශාලා සඳහා ඖෂධ පනත යටතේ බලයලත් නිලධාරින් මඟින් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, හදිසි වැටලීම් සිදු කිරීම මඟින් මේ පිළිබඳව තවදුරටත් නියාමනය කෙරේ.

              (ii)      වාර්ෂිකව බලපත්‍ර ලබා දීම සඳහා ඖෂධශාලා නිර්දේශ කිරීම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මඟින් සිදු කෙරෙන අතර, බලපත්‍රය අනුමත කිරීම ඖෂධ අධිකාරිය මඟින් සිදු කෙරේ. බලපත්‍ර නිර්දේශ කිරීමේදී ද අදාළ ඖෂධශාලාව වායුසමනය කර තිබේද යන්න පරීක්ෂා කෙරේ.  වායුසමනය නොකළ ස්ථාන සඳහා බලපත්‍ර ලබා දීම සිදු නොවේ.

(ආ) (i) නැත.

(ii) සියලුම රෝහල්වල ඖෂධ ගබඩා පහසුකම් වැඩිදියුණු කිරීම හා වායුසමනය කිරීම සඳහා විශාල වශයෙන් ප්‍රතිපාදන අවශ්‍ය වන අතර, ඒ සඳහා ආයතන මට්ටමින් ලැබෙන ප්‍රතිපාදන මත, රෝහල් ඖෂධ ගබඩා වායුසමනය හා අනෙකුත් පහසුකම් සංවර්ධනය දැනට සිදු කරමින් පවතී.

(iii) සියලුම ඖෂධ වායුසමනය කළ ස්ථානවල ගබඩා කිරීම අත්‍යවශ්‍ය නොවේ.

(iv) ඖෂධ නිෂ්පාදිතයක් ගබඩා කළ යුතු උෂ්ණත්වය, ආර්ද්‍රතාවය ආදී තත්ත්ව එය නිෂ්පාදනයට යොදා ගත් ක්‍රියාවලිය, අමුද්‍රව්‍ය හා ඒවායේ සංයුතිය මත තීරණය වීම හේතුවෙන් වායුසමනය කරන ලද ගබඩා තත්ත්වයන් අත්‍යවශ්‍ය නොවන ඖෂධ වර්ග ලැයිස්තුවක් ස්ථිරව ප්‍රකාශ කළ නොහැක.

(v) සියලුම ඖෂධවලට කල් ඉකුත් වීමේ කාලසීමාවක් ඇත. එය ඖෂධයේ ඇසුරුමේ හෝ ලේබලයේ සඳහන් වේ.

(ඇ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2014-03-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු ලලිත් දිසානායක මහතා, පා.ම.,  මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks