01

E   |     |  

 දිනය: 2014-07-10   පිළිතුර ලබා දී ඇත 

3741/2014: මාතර දිස්ත්‍රික්කයේ ජාතික පාසල් : ගුරු මාරු

3741/’13

 

ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මාතර දිස්ත්‍රික්කය තුළ මේ වන විට ඇති ජාතික පාසල් සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම පාසල්වල සේවය කරනු ලබන මුළු ගුරුවරුන් සංඛ්‍යාව කොපමණද;

  (iii)  එම ගුරු පිරිසෙන් වර්ෂ 5-10,  11-15,  16-20 සහ  21 ට වැඩි වශයෙන් තම සේවා කාලය තත් පාසල තුළ සපුරා ඇති  ගුරුවරුන් සංඛ්‍යාව එක් එක් පාසල අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  (i)  මාතර දිස්ත්‍රික්කයේ එක් එක් ජාතික පාසල තුළ දීර්ඝ කාල සීමාවක් තිස්සේ සේවය කරනු ලබන විශාල ගුරු පිරිසක් සිටින බව පිළිගන්නේද;

  (ii)  එම ගුරුවරුන් එකම පාසලේ රැදී සිටීමට හේතු කවරේද;                 

  (iii)  එම ගුරුවරුන් සඳහා ස්ථාන මාරුවීම් ලබාදීමට විධිමත් වැඩපිළිවෙළක් කඩිනමින් සකස්  කරන්නේද;

  (iv)  එසේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-07-10

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ජාතික පාසල් ගණන - 22

              (ii)      මුළු ගුරුවරුන් සංඛ්‍යාව  - 2,301

             (iii)      ඇමුණුම මඟින් දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.

(ආ)        (i)      නැත. එහෙත් සීමිත ගුරු පිරිසක් සිටින බව සංඛ්‍යා ලේඛන අනුව පෙනී යයි.

              (ii)      මෙම තත්ත්වය ඇති වූයේ ජාතික පාසල් ගුරු මාරු සිදු කිරීමට පැවැති ඇතැම් දුෂ්කරතා හේතුවෙනි. ජාතික පාසල් පළාත් පාසල් මෙන් ආසන්නව නොතිබීම හා විෂය මාලාව ඉගැන්වීමට ඇති වන බාධා ප්‍රධාන වේ.

                         සමහර ඈත පළාත්වලින් ජාතික පාසල්වලට පැමිණි අය සමහර විට මේ වන කොට විශ්‍රාම ගැනීමට ළං වෙලා ඉන්නවා. ඔවුන් අවුරුදු 21කට වැඩි සේවා කාලයක් තිබෙන අයයි. විශ්‍රාම ගැනීමට ළං වෙලා සිටින අය ඉන්නවා, රෝගී වුණු අය ඉන්නවා. දැන් මේ උත්තරය දෙන විටත් මේ එකසිය ගණනින් සැලකිය යුතු ප්‍රමාණයක් විශ්‍රාම ගිහින් තිබෙනවා. ඒ විධියට අවසාන කෙළවරේ ඉන්න අය තමයි හුඟක් වෙලාවට ඉතිරි වෙලා සිටින්නේ. ඒ හැර, තව ප්‍රශ්නයක් හැටියට තිබෙන්නේ ජාතික පාසල්වල ගුරුවරුන් මාරු කිරීමේ අපහසුතාවක් තිබෙන එකයි. පළාත් පාසල් තිබෙනවා වාගේ කලාප ඇතුළේම ජාතික පාසල් විශාල ප්‍රමාණයක් නැහැ. පළාත් පාසල්වල නම් කලාපය තුළම ලේසියෙන් මාරුවීම් කරන්න පුළුවන්. නමුත් ඈත පළාත්වලට මාරු කිරීමේ දී ප්‍රශ්න ඇති වෙනවා. 

තුන්වැනි කාරණය තමයි, ගණිතය, විද්‍යාව වැනි අසීරු විෂයයන් සඳහා අනුප්‍රාප්තිකයකු නැතිව ගුරුවරුන් මාරු කිරීමක් සිදු කරන්නේ නැහැ, පාසලේ දරුවන්ට ප්‍රශ්නයක් ඇති වන නිසා කියන එක. ඒ හේතු නිසා තමයි මේ තත්ත්වය ඇති වෙලා තිබෙන්නේ.

(iii) වසර 20ට වැඩි ගුරුවරුන් දැනටමත් මාරු කර යවා ඇත. විශ්‍රාම යෑමට ආසන්න වීම සහ වෛද්‍ය හේතු මත  ඉතා සුළු ගුරු පිරිසක් මාරුවීම් ලබා නැත.

කෙසේ වෙතත් වසර 10ට වැඩි සේවා කාලයක් ඇති ගුරුවරුන් මාරු කර යැවීමට දැන් කටයුතු සූදානම් කර ඇත.

(iv) 2015 ජනවාරි

(ඇ)      අදාළ නොවේ.

*සභාමේසය මත තබන ලද ඇමුණුම:

   சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :

   Annex tabled:

 

 

 

පිළිතුරු දුන් දිනය

2016-07-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මොහාන් ලාල් ග්‍රේරු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks