01

E   |     |  

 දිනය: 2014-07-10   පිළිතුර ලබා දී ඇත 

3740/2014: කොටපොල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ‍යේ කුඹුරු ඉඩම් : අනවසර ගොඩ කිරීම්

3740/’13

 

ගරු බුද්ධික පතිරණ මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       කොටපොල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ කුඹුරු ඉඩම් ගොඩකරනු ලබන බවට ජනතාව චෝදනා කරන බව දන්නේද;

            (ii)       2005 වර්ෂයේ සිට මේ දක්වා එම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ අනවසරයෙන් ගොඩකර ඇති  කුඹුරු ඉඩම් ප්‍රමාණය කොපමණද;

  (iii)  එම අනවසර ගොඩකිරීම්වලට අදාළව පැමිණිලි ලැබී තිබේද;

  (iv)  එසේ නම්, ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව කොපමණද;

  (v)  එම පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා නීත්‍යානුකුලව කටයුතු කර තිබේද;

  (vi)  ඒ අනුව ගෙන ඇති ක්‍රියා මාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  (i)  2005 වර්ෂයේ සිට මේ දක්වා කොටපොල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ කුඹුරු ඉඩම් ගොඩකිරීමට නීත්‍යානුකූල අවසරය ලබාගෙන  තිබේද;

  (ii)  එසේ නම්,  ගොඩකිරීම සඳහා අවසර ලබා දී ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය කොපමණද;

  (iii)  එම කුඹුරු ඉඩම් ගොඩකිරීමට අවසර ලබා දීමට හේතු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-07-10

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)        කොටපොල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ කුඹුරු ඉඩම් ගොඩ කිරීම් පිළිබඳව පැමිණිලි ලැබී ඇත. නමුත්, 2005 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා ලැබී ඇත්තේ පැමිණිලි 12ක් වැනි ඉතා සුළු සංඛ්‍යාවකි.

              (ii)      අක්කර 01 රූඩ් 01 පර්චස් 20යි.

             (iii)      ඔව්.

             (iv)      පැමිණිලි 12යි.

 

 

අංකය

පැමිණිලි ලැබූ වර්ෂය

පැමිණිලි ගණන

01

2005

01

02

2006

02

03

2007

01

04

2008

00

05

2009

02

06

2010

01

07

2011

01

08

2012

00

09

2013

02

10

2014

02

 

එකතුව

12

(v) ඔව්.

(vi) ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා පැමිණිලි 08ක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවරා වැළැක්වීමේ නියෝග 07ක් ලබා ගෙන ඇති අතර එක් නඩුවක් දැනට විභාග වෙමින් පවතී.

පැමිණිලි 04ක් සඳහා පස් ඉවත් කර යථාවත් කර ඇත.

(ආ) (i) ඔව්.

(ii) පර්චස් 20යි.

(iii) නිවාස දෙකක් තනා ගැනීම සඳහා.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2016-07-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks