01

E   |     |  

 දිනය: 2013-11-23   පිළිතුර ලබා දී ඇත 

3732/2013: පුද්ගලයකු ආයතන දෙකක තනතුරු දැරීම : පියවර

3732/’13

 

ගරු රන්ජන් රාමනායක මහතා,— විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී ධුරය දරන අයගේ නම කුමක්ද;

             (ii)      එම තනතුර දරන අය ලබන මාසික වැටුප හා දීමනා කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ශ්‍රී ලංකා විදේශ සේවා නියෝජිතායතනයේ සාමාන්‍යාධිකාරී ධුරය දරන අයගේ නම කුමක්ද;

(ii) එම තනතුර දරන අය ලබන මාසික වැටුප හා දීමනා කොපමණද;

(iii) එම තනතුර දරන පුද්ගලයා සහ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යතුමා අතර ඥාතී සබඳතාවක් තිබේද;

(iv) එසේ නම්, එම සබඳතාවය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) එකම පුද්ගලයෙකුට ඉහත සඳහන් ආයතන දෙකෙහිම තනතුරු දැරීමේ හැකියාවක් තිබේද;

(ii) ඒ අනුව, ආයතන දෙකක තනතුරු දැරීම වරදක් නම්, එය නිවැරදි කිරීමට පියවර ගන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-11-23

අසන ලද්දේ

ගරු රන්ජන් රාමනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ඩිලාන් පෙරේරා මහතා (විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍යතුමා)

(மாண்புமிகு டிலான் பெரேரா -வெளிநாட்டு வேலைவாய்ப்பு ஊக்குவிப்பு,  நலனோம்புகை அமைச்சர்)

(The Hon. Dilan Perera - Minister of Foreign Employment Promotion and Welfare)

 

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)           (i)      මිනිස්බල අනුමැතියට අනුව කාර්යාංශයේ අතිරේක සමාන්‍යාධිකාරි තනතුරු තුනක් පවතී. එම තනතුරු පහත සඳහන් නිලධාරින් විසින් දරනු ලබයි.

 

             නම

                ධුරය

කේ.ඕ.ඩී.ඩී. ප්‍රනාන්දු මහතා

අතිරේක සාමාන්‍යාධිකාරී

කේ.ඒ.පී. පෙරේරා මිය

අතිරේක සාමාන්‍යාධිකාරී

කේ.එම්.කේ.පී. හේරත් මිය

වැබ. අතිරේක සාමාන්‍යාධිකාරී

(ii)

නම

දැනට දරන මූලික වැටුප

ජීවන වියදම්  දීමනාව

මූලික වැටුපට සියයට 20ක විශේෂ දීමනාව

එකතුව

කේ.ඕ.ඩී.ඩී. ප්‍රනාන්දු මයා

රුපියල් 54,510

රුපියල් 6,600

රුපියල් 10,902

රුපියල් 72,012

කේ.ඒ.පී. පෙරේරා මිය

රුපියල් 44,030

රුපියල් 6,600

රුපියල් 8,806

රුපියල් 59,436

කේ.එම්.කේ.පී. හේරත් මිය

රුපියල් 49,445වැඩ බැලීමේ දීමනා රුපියල් 1,850

රුපියල් 6,600

රුපියල් 9,889

 රුපියල් 67,784

(ආ)         (i)      දැනට ‍මෙම තනතුර පුරප්පාඩුව පවතී. එම තනතුරේ වැඩ බැලීම සඳහා කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී කේ.ඕ.ඩී.ඩී. ප්‍රනාන්දු මහතා පත් කර ඇත.

              (ii)      අදාළ නිලධාරියා වෙත ආයතන සංග්‍රහයේ VII පරිච්ඡේදයේ 12‍:5:4 වගන්ති ප්‍රකාරව වැඩ බැලීමේ දීමනාවක් විදේශ රැකියා ඒජන්සි ආයතනය විසින් ලබා දෙනු ලැබේ.

             (iii)      නැත.

නමුත් මීට පෙර මේ තනතුරේ වැඩ බලන ලද නිලධාරිනිය හා අමාත්‍යතුමා අතර සම්බන්ධයක් ඇත.

 

(iv) දැනට සිටින නිලධාරියාගේ සම්බන්ධතාවක් නැත.

                         පෙර සිටි නිලධාරිනිය සමඟයි සම්බන්ධතාව තිබෙන්නේ. ඇහුවොත් ඒ සම්බන්ධතාව මා කියන්නම්.

(ඇ)         (i)      ආයතන සංග්‍රහයේ VII පරිච්ඡේදයේ 12‍:5 වගන්තිය ප්‍රකාරව යම් කිසි තනතුරක වැඩ කරන අතරතුර වැඩ බැලීමේ දීමනාවක් සහිතව වැඩ කිරීමේ හැකියාවක් ඇත.

                         දැනට ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගමෙහි සාමාන්‍යාධිකාරී තනතුර පුරප්පාඩුව පවතින බැවින් එම තනතුරෙහි වැඩ බැලීම සඳහා කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී කේ.ඕ.ඩී.ඩී. ප්‍රනාන්දු මහතා පත් කර ඇත.

(ii) අදාළ නොවේ.

(ඈ)  පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2014-03-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩිලාන් පෙරේරා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks