පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3728/’13
ගරු අනුර දිසානායක මහතා,— ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ කිහිපයකට පෙර විවෘත කරන ලද රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය 2013 මාර්තු 05 වැනි දින නැවත විවෘත කිරීමට හේතු කවරේද;
(ii) පළමු විවෘත කළ දිනයේ සිට 2013 මාර්තු දක්වා එහි සිදුවූ කලා කටයුතු කවරේද;
(iii) ටෙලි සිනමා ගම්මානයක් ලෙස එම ව්‍යාපෘතිය සඳහා මේ වන විට වියදම් කර ඇති සමස්ත මුදල කොපමණද;
(iv) එම ගම්මානය විවෘත කිරීමේ අවස්ථා දෙක සඳහා සිදු කළ වියදම් වෙන් වෙන් වශයෙන් කවරේද;
(v) කලා ක්ෂේත්‍රයේ දියුණුව සඳහා එම ස්ථානය යොදා ගැනීමට ඇති වැඩ පිළිවෙළ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-11-23
අසන ලද්දේ
ගරු අනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මෙම සිනමා ගම්මානය නැවත විවෘත කිරීමක් සිදු වී නොමැත. 2013 මාර්තු 05වැනි දින සිදු කර ඇත්තේ මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය ආරම්භ කිරීමෙන් පසු දේශීය හා විදේශීය නිර්මාණකරුවන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමේ අවශ්‍යතාව මත හා එම සිනමා ගම්මානය සඳහා සකස් කරන ලද වෙබ් අඩවිය දියත් කිරීම ඇතුළු ප්‍රවර්ධන වැඩ සටහනක් ආරම්භ කිරීම සඳහා උත්සවයක් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද අතර එය හුදෙක්ම සිනමා උද්‍යානය යළි විවෘත කිරීමක් නොව නව වැඩ පිළිවෙළක ආරම්භයක් සනිටුහන් කිරීමක් විය.
(ii) කරුණාකර ඇමුණුම බලන්න. ඇමුණුම සභාගත* කරමි.
(iii) රුපියල් 787,400,966/- ( 2013 මාර්තු 31 දිනට)
(iv) 2010 වියදම රුපියල් 38,461,097.81යි.
2013 වියදම රුපියල් 10,133,790.77යි.
(v) ඔව්.
මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය නිර්මාණකරුවන්ගේ කලා කටයුතු සඳහා අවශ්‍ය නිසි වටපිටාව සලසා දීම අරමුණු කොට ගනිමින් බිහි වූවක් වන අතර නිර්මාණකරුවන් සඳහා අවශ්‍ය සියලු පහසුකම් ක්‍රමිකව එහි ස්ථාපනය කිරීමට අපේක්ෂිතය.
එසේම ටෙලි සිනමා උද්‍යානයෙහි පහසුකම් උපයෝගි කොට ගනිමින් නිපැයෙන කලා කෘති සඳහා ජාතික නාලිකාවල ජනප්‍රිය කාල පරාස - Prime Time - තුළ විකාශන ප්‍රමුඛත්වයක් ලබා දීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති අතර, ඒ යටතේ මේ වන විටත් මෙම ටෙලි සිනමා උද්‍යානය ආශ්‍රිතව නිපැයූ ටෙලි නාට්‍ය සඳහා ජාතික නාලිකාවවල විකාශන කාල පරාස ලබා දී ඇත. දේශීය ශිල්පීන් සිය නිර්මාණ සඳහා ටෙලි සිනමා උද්‍යානයෙහි පහසුකම් උපයෝගී කොට ගැනීම දිරි ගැන්වීම මෙහි අපේක්ෂාව වේ.
මෙහිදී විශේෂයෙන්ම ටෙලි සිනමා උද්‍යානයෙහි පවත්නා පහසුකම් පිළිබඳව දේශීයව පමණක් නොව විදේශීයවද පුළුල් ප්‍රචාරයක් ලබා දීම සිදු කොට ඇති අතර එතුළින් විදෙස් නිර්මාණ වඩ වඩාත් ආකර්ශණය කර ගැනීම ඔස්සේ ලැබීමට අපේක්ෂිත ප්‍රතිලාභ මඟින් දේශීය කලාකරුවන් වෙත ලබා දෙන පහසුකම් උපරිම කිරීම අපේක්ෂා කෙරේ. ටෙලි සිනමා උද්‍යානයෙහි පහසුකම් භාවිත කිරීමට අපේක්ෂා කරනු ලබන විදෙස් නිර්මාණකරුවන් සඳහා සහන මිලකට නවාතැන් පහසුකම් ලබා දීම, අවශ්‍ය බදු සහන ලබා දීම හා පසුතල නිර්මාණ ඉදි කිරීම සඳහා අවශ්‍ය භූමිය ලබා දීම ආදිය තුළින් සිය සිනමා කෘති මෙරට නිපදවීමට විදෙස් සිනමාකරුවන් උනන්දු කරවීම සිදු කරනු ලබන අතර එබඳු නිර්මාණ සඳහා දායක වීම තුළින් මෙරට ශිල්පීන්ට ප්‍රකට විදෙස් ශිල්පීන් හා එක්ව කටයුතු කිරීමේ මහඟු අවස්ථාව හිමි වේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2014-01-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks