පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3696/’13
ගරු අනුර දිසානායක මහතා,— සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සී/ස ගුවන් තොටුපළ හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම මගින් 2013.03.06 වැනි දින රිවිර පුවත්පතේ දැන්වීමක් පළ කළේද;
(ii) එම දැන්වීම පළ කිරීමේ අරමුණ කවරේද;
(iii) එම දැන්වීම වෙනුවෙන් එම සමාගම වැය කරන ලද මුදල කොපමණද;
(iv) එම මුදල් කවර වැය ශීර්ෂය යටතේ වැය කළේද;
(v) යම් දේශපාලන පක්ෂයක, යම් තනතුරක් සඳහා යම් පුද්ගලයකු පත් වූ විට ඊට අදාළව සී/ස ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමට දැන්වීම් පළ කළ හැකිද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-10-25
අසන ලද්දේ
ගරු අනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්
(ii) ප්‍රචාරණ මාධ්‍යයේදී භාවිත කරන උපක්‍රමයක් වශයෙන් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටු පොළ විවෘත කිරීම සම්බන්ධව මහ ජනතාව දැනුවත් කිරීම අරමුණු කර ගෙන අවස්ථාවෝචිත පරිදි දැන්වීම පළ කරන ලදි.
(iii) රුපියල් 2,25,000/-යි.
(iv) සමාගමේ "ප්‍රචාරණ වියදම්" ශීර්ෂයයි.
(v) නොහැකිය.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-12-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පියංකර ජයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks